(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
කැලණි පාලමේ ඇණ ගැලවීමක් සිදුවී නැතැයි ප්‍රවාහන හා මහමාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී අද (19)පැවසීය.
අමාත්‍යවරයා මෙසේ පැවසුවේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී නීතිඥ දයාසිරි ජයසේකර මහතා මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
බන්දුල ගුණවර්ධන මහතා මෙසේද පැවසීය.
කැලණි පාලමේ ඇණ ගැලවූයේ යැයි කියන කතාව සම්පූර්ණයෙන්ම සාවද්‍ය එකක්. පාලමේ ඇඳි වල
බට සොරකම් කරල තියෙනවා. වැසි ජලය ප්‍රවාහනය කරන පී.වී.සී බට හොරකම් කරල තියෙනවා. නව කැළණි පාලමේ සන්නිවේදන ගොඩනැගිල්ලේ තොරතුරු පද්ධතියේ ආරක්ෂාවට යොදවා තිබූ වායු සමීකරණ යන්ත්‍රවල බාහිර සවිකර තිබූ කොටස් සොරකම් කරල තියෙනවා. පාලමේ දර්ශනීය ආලෝක රටා මවන විදුලි පහන් ටික සොරකම් කරල තියනවා.
ජී.අයි බට සොරකම් කිරීමෙන් ලක්ෂ 40 ක පාඩුවක් සිද්ධ වෙලා. වායු සමීකරණ යන්ත්‍ර කොටස් සොරකම් කිරීමෙන් මිලියන 0.5 ක පාඩුවක් සිද්ධ වෙලා. දර්ශනීය ආලෝක රටා මවන විදුලි පහන් සොරකම් කිරීමෙන් ලක්ෂ 10 ක පාඩුවක් සිද්ද වෙලා තියෙනවා. මුළු අලාභය ලක්ෂ හැටයි. නව කැලණි පාලමේ කෝටි ගාණක පාඩුවක් වෙලා නැහැ. ඇණ ගලවලා නැහැ. ඒ අණ ගලවන්න බෑ.ඇණ ගලවන වානම් විශේෂිත උපකරණ ඒ ඉංජිනේරු සමාගම විසින් ගේන්න ඕන. එහෙම නැත්නම් පාලම අනතුරට ලක් වෙනවා. මේක නිකං ඇණගන්න ප්‍රකාශයක්.
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
කැලණි පාලමේ ඇණ කතාව බොරු
ravin Wednesday, 19 July 2023 01:53 PM
පාලමේ අණ කෙසේවෙතත් මෙයාගේ අණනම් ගැලවිලා වගේ... නැතිනම් බුරුල්වෙලා....
ලුම්බිණි Wednesday, 19 July 2023 02:24 PM
එතකොට අර නීතිය යටතේ බොරු ප්‍රචාරය කල අයට නඩු නැද්ද?
nimal Wednesday, 19 July 2023 02:47 PM
ඇණ ගහන්න ඕනැ නැහැ. ඇණ ගලවලා නැතිනම් හොඳයි. හැබැයි සමහර කොටස් ගලවලා පාඩු කරලා තියෙන හන්දා... වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන එක හොඳයි. නැතිනම් ඔහෙලා ගියාට පස්සේ ඉස්තාලෙ වහන එකනේ කරන්නේ...!
සල්ලි Wednesday, 19 July 2023 04:40 PM
රට ඇණ තියලා තියෙන්නේ...
Perera Thursday, 20 July 2023 12:23 AM
මෙයාගේ හොම්බට දෙකක් අනින්න... ළඟපාත කෙනෙක් නැද්ද?