IMG-LOGO

2025 සැප්තැම්බර් මස 06 වන සෙනසුරාදා


කරාපිටිය රෝහලට පිළිකා මාරයෙක්

 

(අංජුල මහික වීරරත්න)

ගාල්ල, කරාපිටිය ජාතික රෝහලේ පිළිකා ප්‍රතිකාර ඒකකට අතිනවීණ තාක්ෂණයෙන් යුත් ලීනියර් ඇක්සලරේට යන්ත්‍රයක් (Linear accelerators) ලබාදීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය සැලසුම් කර ඇත. 

එම අති නවීණ තාක්ෂණයෙන් යුත් ලීනියර් ඇක්සලරේට යන්ත්‍රය (Linear accelerators) ස්ථාපිත කිරීමට අවශ්‍යවන බංකරයේ (New Linac Bunker) ඉදිකිරීම් ආරම්භ කිරීම සදහා මුල්ගල තැබීම සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ගාල්ල,කරාපිටිය ජාතික රෝහලේ පිළිකා ප්‍රතිකාර ඒකක පරිශ්‍රයේ දී සිදුවිය.

මෙරට බෝවන මෙන් ම බෝනොවන රෝග හේතුවෙන් සෞඛ්‍ය පද්ධතියට දැවැන්ත බරක් පැටවෙන බැවින් රෝගවලට ප්‍රතිකාර සේවා සිදු කරනවා  සේම රෝග වලක්වා ගැනීම හා පාලනය සඳහාත්, ජනතාව දැනුම්වත් කිරීම සදහාත්, ප්‍රමුඛත්වයක් ලබා දී කටයුතු කළ යුතු බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා මුල්ගල තැබීමෙන් අනතුරුව අදහස් දක්වමින් අවධාරණය කළේය.

බෝනොවන රෝග අතරින් දියවැඩියාව,අධිරුධිර පීඩනය,පිළිකා රෝග තත්ත්වයන් මේවන විට ඉහළ අගයක් ගන්නා බව සෞඛ්‍ය දත්ත පෙන්නුම් කරන බවත්, ජාතික හා අන්තර්ජාතික සහයෝගයන්ද ලබා ගනිමින් බෝ නොවන රෝග මෙන්ම පිළිකා රෝග ව්‍යාප්තිය පාලනය හා වැලැක්වීමට අමාත්‍යවරයාගේ උපදෙසින් සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රමුඛත්වය දී කටයුතු කරන බව ද ලේකම්වරයා මෙහි දී අවධාරණය කර සිටියේ ය.

මධ්‍යම රජයේ මුල්‍ය ප්‍රතිපාදන මගින් ඉදිකිරීමට යෝජිත මෙම බංකරය (New Linac Bunker) සදහා වැය කිරීමට අපේක්ෂිත මුදල රුපියල් මිලියන 220 කි. මෙහි ඉදිකිරීම් මාස හයකින්  නිමකිරීමට  සැලසුම් කර ඇති අතර ඉදිකරීම් සදහා ශ්‍රම දායකත්වය ශ්‍රී ලංකා යුද හමුදාව මගින් ලබා දෙන අතර ඉදිකිරීම් අවසන් වූ සැනින් නව යන්ත්‍රය ස්ථාපිත කිරීමට නියමිතය. 



අදහස් (1)

කරාපිටිය රෝහලට පිළිකා මාරයෙක්

විපරමා Thursday, 28 August 2025 05:20 PM

හිටපු බලලෝලි බඩගෝස්තරවාදි දූෂිත දේශපාලුවෝ බුරුතු පිටින් හොරාකාලා රටම විනාශ කෙරුවේ නැත්නම්... අපේ රටේ ජනතාවට කොයිතරම් සේවයක් කරන්න තිබුණාද?

:       7       53

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 458 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16938 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 669 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site