(ඉන්දිකා රාමනායක)
කොළඹ රීඩ් මාවතේ පිහිටි ජාත්‍යන්තර ආහාර සැකසුම් අවන්හලක් තුළ අද (20) අලුයම පිපිරීමක් සමඟ ගින්නක් හටගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිය නිහාල් තල්දූව මහතා පැවසීය.
තුරග තරඟ පිටියේ ප්‍රේක්ෂකාගාරයේ පිහිටි ගොඩනැගිල්ලේ පහත මාලයේ මෙම හෝටලය පිහිටා ඇති අතර ගෑස් කාන්දුවකින් මෙම පිපිරීම සිදු සිදුව ඇති බවට තොරතුරු අනාවරණය වී ඇතැයි හෙතෙම කීය.
ගින්න සැලවීමත් සමගම ගිනි නිවන හමුදාව එම ස්ථානයට ගොස් ගින්න සම්පූර්ණයෙන්ම නිවා දමා ඇත.
ගින්නෙන් කිසිදු පුද්ගලයෙකුටවත් තුවාල සිදුව නොමැති බවත් ගෑස් කාන්දුවක් හේතුවෙන් මෙම ගින්න හටගෙන ඇති බවටත් තොරතුරු බවටත් තොරතුරු අනාවරණය වී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් කීය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොයාපල්ලකෝ මහ මොලකරුවා දැන්... !
කාලයක් වහලා තිබ්බ ව්‍යාපාර පාඩු වෙනවා. රක්ෂණ මුදල්වලින් හරි ඒවා ගොඩගන්නත් එපෑයෑ..
ඉස්කෝලෙ දවසක් නම් හිතාගන්නවත් බැහැ ජීවිත හානි... රෝයල් එකේ සෑහෙන ළමයින් සහ දෙමාපියන් සංඛාවක් මේකෙන් ආහාර ගන්නවා.
ගෑස් ටැංකි පිරිවෙන් කීපයක්ම මේ ළඟ ළඟ වුණා වගේ මතකයි.මේ දවස්වල තියෙන්නෙත් ලිට්රෝ ගෑස් විතරයි. ටැංකි ආරක්ෂිතභාවය පිළිබඳව සමාගම සහ රජය විසින් සොයා බලනවා නම් හොඳයි කියලා හිතෙන්නේ
අනේ ජනපති තුමනි මේ ත්‍රස්තවාදයෙන් අපේ රට බේරා ගන්න