IMG-LOGO

2025 ජුලි මස 15 වන අඟහරුවාදා


කොරෝනා සහන වැඩට ඉමදූව ප්‍රාදේශීය සභාවෙන් ලක්ෂ 10 ක්

සුමතිපාල දීයගහගේ

කොරෝනා වයිරසය නිසා අපහසුතාවයට පත්ව සිටින ඉමදූව ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය තුල පදිංචි ජනතාවට සහන සැලසීම සදහා  ප්‍රාදේශීය  සභා අරමුදලින් ලක්ෂ 10 ක මුදලක් වෙන් කර ඇතැයි ඉමදූව ප්‍රාදේශීය සභාවේ සභාපති ඒ වී සරත්තුමාර මහතා පවසයි.

ඒ අනුව පීඩාවට පත්ව සිටින ජනතාවට සහන මිලට වියලි ආහාර ද්‍රව්‍ය මල්ලක් ලබාදීමට සැලසුම් කර තිබේ.

එහිදී ඇල්ලලගොඩ ගුණානන්දාරාම විහාරස්ථානය කේන්ද්‍ර කරගෙන කුඹුරු හිමියන්ගෙන් නොමිලේ වී ලබා ගෙන වී කොටවා හාල් කිලෝ කීපයක්, පරිප්පු, සීනි, සැමන් ඇතුලු වියලි ආහාර ද්‍රව්‍ය මල්ලක් ජනතාවට බෙදාදීමට යයි.

මෙහිදි ඇල්ලගොඩ ගුණානන්දාරාම විහාරාධිපති නෙලුවේ කුසලඥාණ හිමියන්ගේ මාර්ගයෙන් කුඹුරු හිමියන්ගෙන් වී ලබා ගැනිමට බලාපොරොත්තුවන බවද සරත් කුමාර මහතා පැවසිය.

මීට අමතරව අගුලුගහ ප්‍රදේශයේ සභාව සතු ඉඩමක පිහිටි ළිදකින් ජලය ලබා ගෙන  දැනට  පානිය ජල හිගයෙන් පීඩාවට පත් ජනතාවට බවුසර් මගින් මේ වන විට ජල ලිටර් ලක්ෂ පහක් බෙදාහැර ඇතැයිද සරත්කුමාර මහතා සදහන් කළේය.

දැනට ඉමදුව, දික්කුඹුර, අගුලුගහ යන නගරද පොලිසිය, ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඇතුලු වෙනත් පොදු ස්ථාන විෂබීජහරනය කර ඇති අතර  30 වන දින ඇදිරි නීතිය ඉවත් කළ පසු  නැවත විෂබීජහරණය කිරිම සිදු කිරිමට කටයුතු යොදා ඇත.

ඉමදුව ප්‍රාදේශිය සභා බල ප්‍රදේශය තුල පවුල් 16000 ක් ජිවත් වන අතර ඔවුන් වැඩිදෙනා තේ වගාවෙන් ජිවත්වන අය වෙති.

එහෙත් දැඩි නියග සමග තේ වගාවටද හානි සිදුවී ඇති නිසා කිසි දිනක ආධාර අවශ්‍ය නොවු පිරිසකටද කොරෝනා වයිරසය නිසා ආධාර අවශ්‍ය වී ඇති බවද සරත්කුමාර මහතා
සදහන් කළේය.

ඉමදුව ප්‍රාදේශීය සභාවද ගාල්ල දිස්ත්‍රික්කය තුල පිහිටි ආදායම් අඩු ප්‍රාදේශීය සභාවලින් එකකි.

 



අදහස් (1)

කොරෝනා සහන වැඩට ඉමදූව ප්‍රාදේශීය සභාවෙන් ලක්ෂ 10 ක්

Sisira. greeciya Saturday, 28 March 2020 08:00 AM

ඔබ සැමගේ මෙම සද්ක‍්‍රියාව බොහෝම අගය කරමි... ඔබසැමට බුදු සරණයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 224 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 112 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 464 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

Our Group Site