(ඩයනා උදයංගනී)
කොවිඩ් ආසාදිත වූ තවත් රෝගීන් 23 දෙනකු ඊයේ (5) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (6) තහවුරු කළේය.
ඒ සමඟ මෙරටින් වාර්තා වූ මුළු කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 15,595 දක්වා ඉහළ ගොස් ඇත.
මිය ගිය අය අතර වයස අවුරුදු 60 ට වැඩි 18 දෙනකු සහ අවුරුදු 30 ත් 59 ත් අතර 4 දෙනකු සහ අවුරුදු 30ට අඩු අයකු ද වන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ දැක්වේ.
එමෙන්ම පිරිමි අය 11 දෙනකු සහ කාන්තාවන් 12 දෙනකු මියගිය පිරිසට ඇතුළත් බව ද එම වාර්තාවේ සඳහන් වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ තාම කෝවිඩ් මරණ සංඛ්‍යාව වැඩියි. මීට හේතුව බොහෝවිට එන්නත් ලබා නොගැනීම විය යුතුයි. සියලු දෙනා ඒ ගැන සැළකිලිමත් විය යුතු කාලයක් මේ..
අන්තිම දවස් 4දී 100 ක් මියගිහින්. මිනිස්සු ජීවත් වෙන්න විදිහක් නැතිව රට වටේ හිඟමනේ යනවා..., ගෙදර ඉන්න ලෙඩාත් එක්ක.. පාලකයින්ට ශාප වේවා..!