IMG-LOGO

2025 සැප්තැම්බර් මස 10 වන බදාදා


කොරෝනා නිවාඩුවේ මෝටර් රථයක් නිෂ්පාදනය කළ සිසුවා

(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)

මහරගම  මධ්‍ය මහා විද්‍යාලයේ 13 ශ්‍රේණියේ ඉගෙනුම ලබන ශිෂ්‍යයකු කොරෝනා වසංගතය පැවති වසර දෙකක කාල සීමාවේ දී  මෝටර් රථයක් නිෂ්පාදනය කිරීමට සමත්ව තිබේ.

මෙම නිර්මාණය සිදු කර ඇත්තේ පිළියන්දල හොන්නන්තර ප්‍රදේශයේ පදිංචි කවිඳු හිම්සර ගමගේ (අවුරුදු 18) ශිෂ්‍යා වන අතර  ඔහු මහරගම  මධ්‍ය මහා විද්‍යාලයේ 13 ශ්‍රේණියේ තාක්ෂණ අංශයේ ඉගෙනුම ලබයි.

කවිදු හිම්සර ගමගේ සිසුවා අධ්‍යාපනය ලබන මහරගම මධ්‍ය මහා විද්‍යාලයට මෙම මෝටර් රථය පළමුවරට රැගෙනවිත් විදුහල්පතිනිය ඇතුළු ආචාර්ය මණ්ඩලය සහ සිසු දරු දැරියන් මාපියන් ඇතුළු පිරිසකගේ ප්‍රදර්ශනයට ඉකුත් 26 වැනිදා ඉදිරිපත් කර තිබු අතර එහිදී ඔහු  සිදුකළ මෙම නිර්මාණය අගය කොට විදුහල්පතිනිය ඇතුළු ආචාර්ය මණ්ඩලය තිළිණ ප්‍රදානයක් ද සිදු කරන ලදී.



අදහස් (7)

කොරෝනා නිවාඩුවේ මෝටර් රථයක් නිෂ්පාදනය කළ සිසුවා

Mahesh Monday, 31 January 2022 02:01 PM

ඔයාගේ හැකියාව ඉතාම අගේ කරනවා පුතා. නමුත් ඕවා කළාට ඔය රටේ කිසිම තැනක් නෑ. ඒ නිසා කීයක් හරි එකතු කරගෙන, වෙන රටකට ගිහිල්ලා ජීවිතය ගොඩ දාගන්න බලන්න. ඔබට ජය...

:       5       30

fairoosMonday, 31 January 2022 03:44 PM

මහේෂ් සියයට 100ක් ඇත්ත...

:       21       11

අප්පුහාමි Tuesday, 01 February 2022 08:59 AM

මේ අදහස හරි මුලින්ම අත්ට්‍රැක්ටරය නිෂ්පාදනය කලේ ලංකාවෙ කියලා අසා තියෙනවා නමුත් ඒ කාලයේ සිටි නිළධාරින් එය ලියාපදිංචි කරන්න දුන්නෙ නැහැ කියනවා. දැන් අපි විනිමය වැයකර ඒවා ආනයනය කරනවා කුමන දෙයක් කොතරම් උසස් ආකාරයට නිපදවීම කලත් එයට හැකිතරම් සම්බාධක පැන්වීම තමයි අපේ ලොක්කො කරන්නෙ ඇත්තටම බලන්න ලංකා හමුදාව රටින් ගෙනාවොත් කෝටි 300 ක් පමණ වැයවන ආරක්ෂක වාහනයක් කෝටි එකහමාරකින් නිපදවීම කල බවක් අසන්න ලැබෙනවා ඉතා උසස් තත්වයේ ආයුධ නිපදවීමට ලංකාවෙ සමහර අයට හැකියාව තියෙනවා ඒවා හැදුවාම කරන්නෙ අත් අඩංගුවට ගෙන සිර කිරීමයි අපි ආසියාවේ සංවර්ධනය වෙමින් පවතින රටක් කියමින් 74 වැනි නිදහස සමරමු

:       0       0

Bunny Preena Monday, 31 January 2022 02:04 PM

අපේ නව නිර්මාණකරුවන්ට අපේ රටේ ලොකු ලොක්කෝ ඔක්කොමලා එකතු වෙලා, ලොකු සහතිකයක් දීලා පින්තූරය පත්තරේට දැම්මට පස්සේ එච්චරම තමයි. කාගෙන්වත් කිසිම සහයෝගයක් ලැබෙන්නේ නැහැ... නව නිෂ්පාදනයක් ලෙස එළිදක්වන්නට... මේවා දියුණු කරලා ගත්තොත් ලැබෙන කොමිස් මුදල් නැතිවෙන්න පුළුවනි... ඒකයි...!

:       1       17

himal Monday, 31 January 2022 03:51 PM

උත්සාහය අගය කරනවා. ඒත් මේක නව නිර්මාණයක්ද නැත්නම් මෝටර් රථයක ආකෘතියක්ද?

:       3       4

දිසා.....ගම්පහ. Monday, 31 January 2022 03:58 PM

මෙම දරුවාගේ නිර්මාණය අගය කරමි. ගම්පහ ප්‍රදේශයේ සිසුදරුවන් කිහිප දෙනෙකු විසින් පසුගිය කාලයේ දී කොරෝනා ප්‍රතිකාර කටයුතු සදහා යොදාගත හැකි සහ පවිත්‍රතා සම්බන්ධ නව නිර්මාණ නිපැයූ මුත් ඒවා ඉදිරියට ගෙනයාමට මෙන්ම ඉන් රටට ප්‍රයෝජනයක් ගැනීම කෙරෙහි අවධානය යොමු නොවීම කණගාටුදායක තත්වයකි. මෙරට ක්‍රමවේදය වී ඇත්තේ වාසිතකා සෑම දෙයක්ම ආනයනය කිරීමයි. මෙය ඉතා දුක්ඛිත තත්ත්වයක්...

:       1       12

jess Monday, 31 January 2022 05:14 PM

මේ කාර් එක ගැන නම් දන්නේ නැහැ. නමුත් මීට වසර දෙක තුනකට කලින් ලක්ෂ 9 කට කාර් එකක් හැදුවා කියලා හෙනට සමාජ මාධ්‍යවල ගියපු කාර් එක ගැන බලන්න අපි කීප දෙනෙක් ගියා. ඒක බැලු බැල්මට සාමාන්‍ය සෙඩෑන් කාර් හැඩේට තියෙනවා. නමුත් එච්චරයි. මෝටරයකට බොඩි එකක් ගැහුවට කාර් එකක් වෙන්නේ නැහැ. ට්‍රාන්ස්මිශන්, සස්පෙන්ශන්, සේෆ්ටි ආදී මෙකී නොකී දාහක් දේවල් ඕනෑ. කීබෝඩ් වීරයින්ට ඕන හැටියට කාර් හදන්න බැහැ. කාලෙකට කලින් හදපු අත් ට්‍රැක්ටරය ඔන්න අපේ ගොන් ලොක්කො අත ඇරපු මැණිකක්. නමුත් මෑත කාලයේ ඔය හදපු කාර්, වතුරෙන් දුවන ඇන්ජින් වගේ පට්ටපල් බොරු..

:       1       40

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 644 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17665 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 730 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site