
(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)
මහරගම මධ්‍ය මහා විද්‍යාලයේ 13 ශ්‍රේණියේ ඉගෙනුම ලබන ශිෂ්‍යයකු කොරෝනා වසංගතය පැවති වසර දෙකක කාල සීමාවේ දී මෝටර් රථයක් නිෂ්පාදනය කිරීමට සමත්ව තිබේ.
මෙම නිර්මාණය සිදු කර ඇත්තේ පිළියන්දල හොන්නන්තර ප්‍රදේශයේ පදිංචි කවිඳු හිම්සර ගමගේ (අවුරුදු 18) ශිෂ්‍යා වන අතර ඔහු මහරගම මධ්‍ය මහා විද්‍යාලයේ 13 ශ්‍රේණියේ තාක්ෂණ අංශයේ ඉගෙනුම ලබයි.
කවිදු හිම්සර ගමගේ සිසුවා අධ්‍යාපනය ලබන මහරගම මධ්‍ය මහා විද්‍යාලයට මෙම මෝටර් රථය පළමුවරට රැගෙනවිත් විදුහල්පතිනිය ඇතුළු ආචාර්ය මණ්ඩලය සහ සිසු දරු දැරියන් මාපියන් ඇතුළු පිරිසකගේ ප්‍රදර්ශනයට ඉකුත් 26 වැනිදා ඉදිරිපත් කර තිබු අතර එහිදී ඔහු සිදුකළ මෙම නිර්මාණය අගය කොට විදුහල්පතිනිය ඇතුළු ආචාර්ය මණ්ඩලය තිළිණ ප්‍රදානයක් ද සිදු කරන ලදී.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔයාගේ හැකියාව ඉතාම අගේ කරනවා පුතා. නමුත් ඕවා කළාට ඔය රටේ කිසිම තැනක් නෑ. ඒ නිසා කීයක් හරි එකතු කරගෙන, වෙන රටකට ගිහිල්ලා ජීවිතය ගොඩ දාගන්න බලන්න. ඔබට ජය...
අපේ නව නිර්මාණකරුවන්ට අපේ රටේ ලොකු ලොක්කෝ ඔක්කොමලා එකතු වෙලා, ලොකු සහතිකයක් දීලා පින්තූරය පත්තරේට දැම්මට පස්සේ එච්චරම තමයි. කාගෙන්වත් කිසිම සහයෝගයක් ලැබෙන්නේ නැහැ... නව නිෂ්පාදනයක් ලෙස එළිදක්වන්නට... මේවා දියුණු කරලා ගත්තොත් ලැබෙන කොමිස් මුදල් නැතිවෙන්න පුළුවනි... ඒකයි...!
උත්සාහය අගය කරනවා. ඒත් මේක නව නිර්මාණයක්ද නැත්නම් මෝටර් රථයක ආකෘතියක්ද?
මෙම දරුවාගේ නිර්මාණය අගය කරමි. ගම්පහ ප්‍රදේශයේ සිසුදරුවන් කිහිප දෙනෙකු විසින් පසුගිය කාලයේ දී කොරෝනා ප්‍රතිකාර කටයුතු සදහා යොදාගත හැකි සහ පවිත්‍රතා සම්බන්ධ නව නිර්මාණ නිපැයූ මුත් ඒවා ඉදිරියට ගෙනයාමට මෙන්ම ඉන් රටට ප්‍රයෝජනයක් ගැනීම කෙරෙහි අවධානය යොමු නොවීම කණගාටුදායක තත්වයකි. මෙරට ක්‍රමවේදය වී ඇත්තේ වාසිතකා සෑම දෙයක්ම ආනයනය කිරීමයි. මෙය ඉතා දුක්ඛිත තත්ත්වයක්...
මේ කාර් එක ගැන නම් දන්නේ නැහැ. නමුත් මීට වසර දෙක තුනකට කලින් ලක්ෂ 9 කට කාර් එකක් හැදුවා කියලා හෙනට සමාජ මාධ්‍යවල ගියපු කාර් එක ගැන බලන්න අපි කීප දෙනෙක් ගියා. ඒක බැලු බැල්මට සාමාන්‍ය සෙඩෑන් කාර් හැඩේට තියෙනවා. නමුත් එච්චරයි. මෝටරයකට බොඩි එකක් ගැහුවට කාර් එකක් වෙන්නේ නැහැ. ට්‍රාන්ස්මිශන්, සස්පෙන්ශන්, සේෆ්ටි ආදී මෙකී නොකී දාහක් දේවල් ඕනෑ. කීබෝඩ් වීරයින්ට ඕන හැටියට කාර් හදන්න බැහැ. කාලෙකට කලින් හදපු අත් ට්‍රැක්ටරය ඔන්න අපේ ගොන් ලොක්කො අත ඇරපු මැණිකක්. නමුත් මෑත කාලයේ ඔය හදපු කාර්, වතුරෙන් දුවන ඇන්ජින් වගේ පට්ටපල් බොරු..