IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


ක්‍රිකට් තරගෙට දිසාපති - හිටපු සභාපතිවරු ගැටෙති

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

කළුතර දිසාපති අභියෝගතා කුසලාන සැහැල්ලු පන්දු ක්‍රිකට් තරගාවලිය බණ්ඩාරගම මහජන ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට විරෝධය දක්වමින්  බණ්ඩාරගම ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිවරු දෙදෙනෙක් විරෝධය දැක් වූහ.

මීට පෙර ගත් ප්‍රතිපත්තිමය තීරණයක් අනුව මෙම ක්‍රීඩාංගනයේ සැහැල්ලු පන්දු ක්‍රිකට් තරඟ නොපැවැත්වීය ඊට හේතුව වුයේ ඒ සැහැල්ලු පන්දු තරගාවලි තුලින් ක්‍රීඩාංගනයට හානි සිදුවන බව කියමිනි. 

කළුතර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශිය ලේකම් කාර්යාල 14 කණ්ඩායම් දාහතරක් අද තරග වැදීමට නියමිතය.  හිටපු සභාපතිවරයා ඇතුළු කිහිප දෙනෙක් ප්‍රධාන ගේට්ටුව ඉදිරිපිට පැමිණ සිය විරෝධය පළ කළහ.

මේ පිළිබඳ කළුතර දිසාපති ගිනිගේ ප්‍රසන්න කුමාර මහතාගෙන් විමසීමේදී මෙසේ පැවසීය.

මෙය කාගෙවත් පෞද්ගලික බූදලයක් නොවේ. ක්‍රීඩාවට කළුතර දිස්ත්‍රික්කයේ ස්ථාපිත කළ හොඳම ක්‍රීඩාංගනය,

කාගේවත් විරුද්ධතාවයක් අපට ප්‍රශ්නයක් නැහැ මේ රජයේ ක්‍රීඩාංගනයක්.



අදහස් (5)

ක්‍රිකට් තරගෙට දිසාපති - හිටපු සභාපතිවරු ගැටෙති

ravin Saturday, 20 May 2023 10:20 AM

කවුරු කොහොම කිව්වත් හැමදෙනාම දන්න කරුණක් තමයි, දේශපාලුවෝ හිතාගෙන ඉන්නේ රාජ්‍ය දේපළ කියන්නේ එයාලගේ අම්මා අප්පගේ බූදලයෙන් කොටසක් කියලා බව...

:       1       8

සුරංග Saturday, 20 May 2023 01:24 PM

අතීතයේ සිටි දිසාපතිවරු පාලනය සඳහා ජනතා සහභාගිත්වය ගැනීම සඳහා තමයි පළාත් පාලන ආයතන සකසා තියෙන්නේ... එහෙම නිසා දිසාපතිවරුන්ට කියන්න වෙලා තියෙන්නේ මගේ අරක්කු මටම ගහනවා කියලා තමයි මෙහෙම කාළකණ්නි දේශපාලුවෝ තමයි මේ රට මේතරම් විනාශයට පත්කළේ... හරි නම් මෙහෙම අයට ප්‍රසිද්ධියේ බූවල්ලෙන් තලන්න ඕනෑ... රවීන් කියපු අදහස ඉතාමත් නිවැරදියි.

:       1       9

Diluc Saturday, 20 May 2023 03:06 PM

සාමාන්‍යයෙන් පිට්ටනියක් ගන්න දිනකට පනස්දහසක්වත් ගෙවන්න ඕනෑ.. ඒ ගාන ගෙවලා ඕන කෙනෙකුට ගන්න පුළුවන්. දිසාපතිටත් එහෙම කරන්න පුළුවන්...

:       2       3

sukumala Saturday, 20 May 2023 03:35 PM

සමහර ප්‍රාදේශීය සභා සභාපතිවරු හිතන් ඉන්නේ එයාලාට වඩා ලොක්කෝ ඒ පළාතේ නැහැ කියලයි. මෙයාලාට නැති පිළිගැනීමක් ජනතාව සහ සමහර රාජ්‍ය නිලධාරින් ලබාදීම නිසයි.. මෙයාලා මේ තරම් ඉදිමෙන්නේ... මේ විරෝධතා දක්වන හිටපු අය මිසක් ඉන්න අය නෙවෙයිනේ... ඔන්න ඔහේ වේලි වේලි ඉඳලා ගෙදර අන්තිමට ගෙදර යයිනේ... තාම හිතේ අමාරු ඇති දැන් නිකන්ම නිකන් අප්පුහාමිලා බවට පත්වෙලා නිසා... ඊළඟ ඡන්දෙදී ගෙදරම තියන්න වටිනා දෙකක් බව පෙනෙනවා...

:       0       5

මොහොට්ටාල Saturday, 20 May 2023 05:29 PM

මම දන්නා එක් නගරාධිපති කෙනෙක් හිටියා... මිනිහා එම ආයතනයේම හිටපු ආදේශක මුරකරුවෙක්... ඉතින් සේවය ස්ථීර කිරීමට බැලුවාම අධ්‍යාපන සුදුසුකම් කිසිවක් නැහැ. ඒත් හැකර කටකුයි, මැරගතියයි තිබුණොත්... එහෙම එවුන් සාදරයෙන් බඳවා ගන්නා සමහරක් පක්ෂ නායකයින් ඉන්නවා... ඉතින් මේ මනුස්සයත් රක්ෂාවෙන් අයින්වෙලා දේශපාලනේ කළා. අන්තිමේ නිල නොලත් මහේස්ත්‍රාත් තනතුරට හිමිකම් තියෙන නගරාධිපති වුණා. ඇත්තටම උගත්කම බල්ලාට දැමූ නීති වහාම වෙනස් කරන්න ඕනෑ. නුවණැත්තෝ සිටී නම් මේවා ගැන සිතත්වා... !

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 523 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 269 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1067 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site