IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


ක්‍රිකට් ක්‍රීඩාංගණ සේවකයන්ට ලක්‍ෂ 160 ප්‍රදානය ඇරඹේ

 

(යොහාන් භාසුර)

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවවලියේදී කොළඹ ආර්. ප්‍රේමදාස සහ මහනුවර පල්ළෙකැලේ ක්‍රීඩාංගණයේ සේවකයන් කළ කැපවීම අගයමින් ප්‍රදානය කළ ඇමරිකානු ඩොලර් 50,000 ක් හෙවත් රුපියල් ලක්‍ෂ 160 ක මුදල එම සේවයන්ට බෙදීම ආරම්භ කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පැවසීය.

ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ සේවකයන් 138 ක් සහ පල්ළෙකැලේ ක්‍රීඩාංගණයේ සේවකයන් 115 ක් ඇතුළු සමස්ත සේවකයන් 253 කට මුදල් ත්‍යාගය හිමිවන බවත් ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ සේවකයන්ට අද (6) මුදල් පිරිනැමූ බවත් ශී ලංකා ක්‍රිකට් ආයතනය කීය.

පල්ළෙකැලේ ක්‍රීඩාංගණයේ සේවකයන්ට අනිද්දා (8 වැනිදා) මුදල් ප්‍රදානය කරන බව ද ක්‍රිකට් ආයතනය වැඩි දුරටත් පැවසීය.

මෙම ඇමරිකානු ඩොලර් 50,000 ක මුදල් ත්‍යාගයට ආසියානු ක්‍රිකට් සභාව සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන ඩොලර් 25,000 බැගින් දායකත්වය සැපයීය.

 



අදහස් (2)

ක්‍රිකට් ක්‍රීඩාංගණ සේවකයන්ට ලක්‍ෂ 160 ප්‍රදානය ඇරඹේ

Perera Thursday, 07 December 2023 05:40 AM

ක්‍රිකට් සල්ලි ගිහින් තියෙන්නේ කොහාටද කියලා චායාරුපයෙන් පෙනෙනවා .

:       0       1

Perera Thursday, 07 December 2023 07:40 AM

සල්ලි නොදුන්නු බව ප්‍රසිද්ධ කලාට පස්සේ කඩි මුඩියේ දැන් ගෙවනවා .හොර හැත්ත

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 62 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 135 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 934 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site