IMG-LOGO

2025 ඔක්තෝබර් මස 15 වන බදාදා


කම්කරු පනත් හතරක් එයි

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

යෝජිත කම්කරු නීති ප්‍රතිසංස්කරණය යටතේ ප්‍රධාන පනත් කෙටුම්පත් හතරක් හඳුන්වා දීම පිළිබඳව සලකා බලමින් සිටින බව  කම්කරු අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළේය.

කම්කරු කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව  පාර්ලිමේන්තුවේ දී රැස්වූ අවස්ථාවේදී අමාත්‍යවරයා මේ බව කීය.

මෙහිදී අදහස් දක්වමින් කම්කරු  අමාත්‍යාංශයේ ලේකම්වරයා කීවේ දැනට භාවිතයේ පවතින කම්කරු නීති 14ක අධ්‍යයනය කිරීම සඳහා සාමාජිකයින් 17 දෙනෙකුගෙන් යුත් කමිටුවක් පත් කර ඇති බවයි. 

මෙම කමිටුව ප්‍රථමයෙන් රැස්වී ප්‍රධාන වශයෙන් ශ්‍රමයට අදාළ පනත් කෙටුම්පත් හතරක් සකස් කිරීම සඳහා මූලික එකඟතාවයකට පැමිණි බව ද ඔහු පැවසුවේය.

වෘත්තීය සමිති, ශ්‍රමය, වෘත්තීය ආරක්ෂාව සහ ශ්‍රමයෙන් ඉවත් වීම යන කරුණු හතරක් සඳහා වෙනම පනත් කෙටුම්පත් සකස් කිරීමට කමිටුව එකඟතාවයකට පැමිණ ඇති බවත් නව නීති සම්පාදනය කරන තෙක් පවතින නීති වලට අවශ්‍ය සංශෝධන සිදු කරන බවත් අමාත්‍යාංශ ලේකම්වරයා වැඩි දුරටත් අදහස් දක්වමින් සඳහන් කළේය.



අදහස් (0)

කම්කරු පනත් හතරක් එයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 784 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 912 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 377 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site