IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


කොමිෂන් පත් කිරීම කල් යන හැඩ

(සුජිත් හේවාජුලිගේ සහ නිමන්ති රණසිංහ )

මැතිවරණ කොමිෂන්  සභාව ඇතුළු ස්වාධීන කොමිෂන් සභා සඳහා සාමාජිකයන් කඩිනමින්  පත් කිරීමට බලාපොරොත්තු වුවත් එම පත් කිරීම් තවත් සති කීපයක් පමා වනු ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.

ස්වාධීන කොමිෂන්  සභාවල සාමාජික පුරප්පාඩු සඳහා අයදුම්පත් දෙදහසකට ආසන්න ප්‍රමාණයක් ලැබී තිබීම නිසා   සුදුස්සන් තෝරා ගැනීම සංකීර්ණවී ඇති හෙයින්  මෙම ප්‍රමාදය ඇතිවී තිබෙන බව ඒ ආරංචි මාර්ග සඳහන් කළේය.

මේ අතර සමහර අපේක්ෂකයන් කොමිෂන්  සභා හතර පහකට අයදුම්පත් යොමු කිරීම නිසාද සුදුස්සන්  තේරීම සංකීර්ණවී ඇතැයි  ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා දායක සභාව පවසයි.

තවද සුදුසුකම් නැති පිරිසක්ද  කොමිෂන්  සභා සඳහා අයදුම්පත් යොමු කර ඇති අතර ඒ අය වෙනම ලැයිස්තුවකට ඇතුළත්  කිරීමට පියවර ගෙන ඇත.

සුදුසුකම් සහිත  අයදුම්පත් යොමු නොකළ බාහිර පුද්ගලයන් කොමිෂන්  සභාවලට  පත් කිරීමට හැකියාව ඇත්දැයි යන්න සම්බන්ධයෙන්ද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා දායක සභාවේ අවධානය යොමුවී ඇත.



අදහස් (2)

කොමිෂන් පත් කිරීම කල් යන හැඩ

ඉන්දික Saturday, 04 March 2023 04:20 PM

තවත් උප්පර වැට්ටියක්...

:       0       0

අයි.ජී.එල්.ජයවීර - අම්බලන්ගොඩ Saturday, 04 March 2023 08:31 PM

මේ මොන අපරාධයක්ද? දකුණු පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ සභාපතිගේ මාසික නිත්‍ය දීමනාව රුපියල් 35000 යි. සන්නිවේදන දිමනාව රුපියල් 13000 යි. සහභාගිත්ව දීමනාව මාසයකට රුපියල් 8000 යි. වාහන දීමනාව රුපියල් 50000 යි. ඉන්ධන දීමනාව සෑම මසකම රුපියල් 35000 යි. පසුගිය මැයි මාසයේදී ඉන්ධන දීමනාව රුපියල් 49010 යි. ඒ සභාපතිට විතරක් ඒ කියන්නේ ලක්ෂ එකහමාරක් විතර මාසයකට ලබනවා. අනික් සාමාජිකයින් හත්දෙනාට එක් අයෙකුට මාසයකට රුපියල් 40000 ක් විතර ලැබෙනවා. අනික 1994 පටන් අද දක්වාම ඒ කොමිෂන් සභාවේ සමාජිකත්වය ලබන කිහිප දෙනෙක්ම ඉන්නවා. ඇත්තටම මේවා ස්වාධීනද? ඊට අමතරව ඒ අයට විශාම වැටුපකුත් ලැබෙනවා. මම මේවා දැන ගත්තේ තොරතුරු පනත යටතේ. මේ රටේ මා දන්නා තරමින් හරියටම කියාත්මක වෙන්නේ තොරතුරු කොමිසම විතරයි. අනික් කොමිසන් නඩත්තු කරන්න මහජන බදුමුදලින් කෝටි 20 ක් විතර මාසයකට වැය කරනවා. ඒ විතරක් නොවෙයි. ඇයි වාහන පර්මිට්. ඒ නිසා මේ බොරු වැඩ නවත්තන්න. අපරාදෙ සල්ලි. තොරතුරු කොමිසම විතරක් හොඳටම ඇති.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 376 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 223 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1016 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site