
(යොහාන් භාසුර)
ශ්‍රී ලංකා නාවික හමුදා ඉතිහාසයේ ප්‍රථම වරට මූලික කිමිදුම් පාඨමාලාව සාර්ථකව සම්පූර්ණ කළ කාන්තා නාවිකයන් තිදෙනෙකුට පසුගියදා සහතිකපත් පිරිනැමීය.
මූලික කිමිදුම් පාඨමාලාව සාර්ථකව සම්පූර්ණ කළ ලුතිනන් (සැපයුම්) ගයංකා සතරසිංහ සහ උප ලුතිනන් (ස්වේච්ඡා) නිමාෂා ජයවික්‍රම යන කාන්තා නිලධාරීන් දෙදෙනා සහ කාන්තා බල ශාරීරීක අභ්‍යාසක ජී.ඩී.ඩී. සකුන්තලා සහතික ලැබූහ.
නාවික හා සාගරික විද්‍යාපීඨයේ ආඥාපති කොමදෝරු ඩේමියන් ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන්, ත්‍රීකුණාමලය නාවික තඨාකාංගණයේ නාවික හමුදා කිමිදුම් පාසලේදී මෙම සහතික ප්රදානය පැවැත්විණි.
නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න මහතාගේ සංකල්පයක් මත, කිමිදුම් අංශයට කැමැත්තක් දක්වන කාන්තා නාවිකට මූලික කිමිදුම් පාඨමාලාව හැදෑරීමේ අවස්ථාව මෙම වසරේ ජුලි මාසයේදී හිමිවූ බවත් ඒ සඳහා අයදුම්කළ කාන්තා නාවිකයන් අතුරෙන් මූලික කිමිදුම් පාඨමාලාව හැදෑරීම සඳහා අවශ්‍ය ශාරීරික යෝග්‍යතාවය සහිත කාන්තා නිලධාරින් දෙදෙනෙකු සහ කාන්තා නාවිකයෙකු ත්‍රිකුණාමලය නාවික තඨාකාංගණයේ නාවික හමුදා කිමිදුම් පාසලේදී දින 20 ක මූලික කිමිදුම් පාඨමාලාවට සාර්ථකව අවසන් කළ බවත් නාවික හමුදාව කීය.



2025 දෙසැම්බර් මස 04
795
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
587
1
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
464
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
කිමිදුම් සෙබළියන් විසිර ගියදා