
(ප්‍රසාද් රුක්මල්)
බදුල්ල දිස්ත්‍රික්කයේ කන්දකැටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි කන්දකැපූඋල්පත ප්‍රාථමික විදුහලට අද (1) කඩා වැදුණු වන අලි රංචුවක් විදුහලේ ප්‍රධාන ගේට්ටුව දැන්විම් පුවරු කොන්ක්‍රීට් කනු වලට පහරදී කඩා බිද අලාභහානි සිදුකර ඇතයි කන්දකැටිය පොලිසිය පවසයි .
රන්දෙණිගල වනරක්ශිතයේ සිට ආහාර සොයා පැමින ඇති සිව්දෙනෙකුගෙන් සමන්විත මෙම වන අලි රංචුව විදුහලේ පිටුපසින් විදුහල තුළට ඇතුළු වී ඇති බවත් පොලිසිය කීය .
විදුහල් බිමේ කෙටි වේලාවක් ගත කර ඇති වන අලි රංචුව යළි පිටවී යාමට මෙසේ විදුහලේ ප්‍රධාන ගේට්ටුවට කොන්ක්‍රීට් කනුවලට දැන්වීම් නාම පුවරුවට පහරදී කඩා බිද අලාභ හානි කර පසුව ප්‍රධාන ගේට්ටුවෙන් පිටවී ප්‍රධාන මාර්ගයට පැමිණ ඇතැයි පොලිසිය සදහන් කලේය .
පසුව වනජිවි නිළධාරින් පැමින අලිවෙඩ් පත්තු කර දමා වන අලි රංචුව යලි රන්දෙණිගල අභය භූමි වනරක්ශිතය තුලට පලවා හැර දැමු බවත් පොලිසිය පැවසීය .
මෙම වන අලි රංචුව පාසලට ආසන්නයේ පිහිටි කෙසෙල් වගාවක්ද විනාශ කර දමා තිබේ.
බදුල්ල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ලක්සිරි විජේසේන බදුල්ල පොලිස් අධිකාරි ජගත් රෝහන සහකාර පොලිස් අධිකාරි 1 වේහිත දේශප්‍රිය යන මහත්වරුන්ගේ උපදෙස් මත කන්දකැටිය පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක දීපාල් ජයතුංග මහතා ඇතුළු නිළධාරින් වැඩිදුර පරීක්ෂණ පවත්වති .
2025 ඔක්තෝබර් මස 08
1828
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1480
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
526
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
කන්දකැටියේ ඉස්කෝලයකට වනඅලි පහරදීමක්