(නිමල් ජයරත්න)
පොළොන්නරුව කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ අද සවස හයට පමණ රැඳවියන් දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමකින් රඳවියන් දහදෙනකු සහ හමුදා සෙබළකු තුවාල ලබා වැලිකන්ද රෝහලට ඇතුළත් කර ඇතැයි වැලිකන්ද පොලිසිය කියයි.
මෙම ගැටුමට හේතුවෙන් මෙතෙක් අනාවරණය වී නොමැති අතර රැඳවියන් විසින් කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ මුළුතැන්ගෙයි සහ තවත් ස්ථාන කිහිපයක දේපළවලට අලාභ හානී කර ඇති බවද පොලිසිය සඳහන් කරයි.
කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ දේපළ අලාභ හානි කිරීමට සම්බන්ධ යොදා ගත් යකඩ පොලු සහ මුගුරු මෙන්ම ගැටුමක් ඇතිකර ගැනීමට යොදාගත් බව කියන පොලු මුගුරු සහ තවත් මත්ද්‍රව්‍ය තොගයක් පොලිස් භාරයට ගෙන ඇති බවද වැලිකන්ද පොලිසිය සඳහන් කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මධ්‍යස්ථානය පාලනය කිරීමේ ප්‍රශ්නයක් නොවේද..ඔලුව ඉදිමුන අමානුෂික නිලධාරීන් සහ මෙවැනි කටයුතුවල පුහුණුව නැති අයවලුන් පාලනයට යෙදවුමේ විපාකය. අනික රැඳවියන් සංඛ්‍යාව වැඩිකම...
කන්දකාඩුවේ පාලනාධිකරණය ඉතාමත් දුර්වල බවයි පෙනෙන්නේ. කීප වතාවක්ම ගැටුම් ඇති වුවත් ඒවා නැවත නොවීමට කිසිදු සැලසුමක් ඔවුන් සතුව නෑ. කරුණාකර මේ පුද්ගලයන් ඉවත්කර සුදුසුකම් ලත් පිරිසකට පාලනය භාර දෙන්න.
"යළි ඇවිලේ", හරියට "ඉපිද මැරේ, යළි ඉපිදේ" වාගේ හැමදාම මෙහෙමයි. දැන් තවත් කොමිසමක් පත් කරයි !!!