IMG-LOGO

2025 ජුලි මස 17 වන බ්‍රහස්පතින්දා


කැනඩා ආ යානයක් උඩු යටිකුරු වෙයි

මගී ගුවන් යානයක්, කැනඩාවේ ටොරොන්ටෝ පියර්සන් ජාත්‍යන්තර ගුවන්තොටුපොළට ගොඩබෑමට පහත් කරද්දී, තද සුළඟට හසුවී, උඩු යටිකුරු විය. උඩු යටිකුරු වුණු යානය, ගුවන් පථයේ ලිස්සා ගොස් නගර වූයේ නියමුවන්, මගීන් සහ කාර්ය මණ්ඩල සාමාජිකයන් මහත් සේ බියට පත් කරමිණි.

යානයේ 80 දෙනකු සිටි අතර, ඔවුන්ගෙන් 19 දෙනකු බරපතල තුවාල ලැබූ බව වාර්තා වේ. එම 19 දෙනා අතර කුඩා දරුවෙක් ද සිටී. මෙම අකරතැබ්බට මුහුණ දුන්නේ ඇමෙරිකාවේ ‘ඩෙල්ටා’ ගුවන් සේවයට අයත් මගී ගුවන් යානයකි.

යානය කැනඩාව බලා පැමිණියේ ඇමෙරිකාවේ මිනසෝටා ජනපදයේ මිනියැපොලිස් නගරයේ සිටය. ගුවන් යානයේ කැනේඩියානු ජාතිකයන් විසි දෙදෙනකු සිටි අතර සෙසු පිරිස ඇමෙරිකාවුවන් සහ විදේශිකයන්ය.

යානය ගුවන් තොටුපොළට ගොඩබෑමට පාත් කරද්දී, හිම කුණාටුවක් හමා යමින් තිබුණි. ඒ වනවිටත් ගුවන් තොටුපොළ සෙන්ටි මීටර් 22 ක හිම තට්ටුවකින් වැසී පැවැතිණි.

කෙසේ නමුත් යානය උඩු යටිකුරු වූයේ කෙසේදැයි යන්න සොයා බැලීමට කඩිනමින් විමර්ශන ආරම්භ කළ බව කැනඩා ගුවන් ගමන් බලධාරීහු මාධ්‍ය හමුවේ පැහැදිලි කළහ.

අනතුරත් සමඟ ටොරොන්ටෝ පියර්සන් ජාත්‍යන්තර ගුවන්තොටුපොළ පැමිණෙන ගුවන් යානා වෙනත් ගුවන්තොටුපොළ වෙත හරවා යැවුණු අතර, පිටත්වීමට නියමිත ගුවන් යානා ප්‍රමාද කෙරුණි.

උඩු යටිකුරු වුණු ගුවන් යානය ලිස්සා ගොස් නගර වුණු සැණින්, දිවි ගලවා ගැනීමේ කණ්ඩායම් සහ ගිනි නිවන හමුදා භටයන් වහා ක්‍රියාත්මක වූ බවත්, මගින් සහ කාර්ය මණ්ඩල සාමාජිකයන් යානයෙන් පිටතට ගැනීමට වෙහෙසුණු බවත් පැවැසෙයි.

(Daily Mail)



අදහස් (2)

කැනඩා ආ යානයක් උඩු යටිකුරු වෙයි

Kith Tuesday, 18 February 2025 06:14 AM

ඩෙල්ටා ගුවන් සේවය තමයි ඇමෙරිකාවේ විශාලතම ගුවන් සමාගම.. එය කැනේඩියානු එකක් නෙමෙයි

:       3       6

ravin Tuesday, 18 February 2025 01:54 PM

කොහොමත් කැනඩාව උඩු යටිකුරු කරනවා කියලා අලුත් ලොක්කා හදනවා කියලා නම් ප්‍රසිද්ධ මාධ්‍ය තුළින් අපි දැක්කා...

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 200 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 401 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 168 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site