(සුජිත් හේවාජුලිගේ)
කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ළඟදීම ඉදිරිපත් කිරීමට විපක්ෂයේ දේශපාලන පක්ෂ සූදානම් වන බව ආරංචි මාර්ග සඳහන් කළේය.
මේ සම්බන්ධයෙන් අද ස්ථිර තීරණයකට එළඹීමට නියමිත බව දැනගන්නට ඇත.
කතානායකවරයා ලබාගෙන ඇතැයි පැවසෙන යම් යම් පහසුකම් සම්බන්ධයෙන් කොළඹදී ඊයේ (7) පැවැති සමගි ජන බලවේගයේ කණ්ඩායම් රැස්වීමේදීද ඇතැම් මන්ත්‍රීවරුන් විවේචනාත්මකව කතා කර ඇතැයි එම පක්ෂයේ මන්ත්‍රීවරයෙක් පැවසීය.
කතානායකවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කිරීමට විපක්ෂයේ බොහෝ දේශපාලන පක්ෂ එකඟ වී ඇතැයි ද එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කළේය.
තමන්ට හිමි පහසුකම් වලට අමතරව වෙනත් පහසුකම්ලබාගැනීම , ධූරයේ බලය අයුතු ලෙස පරිහරණය කිරීම සහ ආණ්ඩු පක්ෂයට වැඩි පක්ෂග්‍රාහීත්වයෙන් කටයුතු කිරීම යනාදී චෝදනා පදනම් කරගෙන මෙම විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කෙරුණු ඇතැයි දැනගන්නට ඇත.
දයාසිරි ජයසේකර මහතා ඇතුළු විපක්ෂයේ මන්ත්‍රීවරුන් ගණනාවක් පසුගිය කාලයේදී මැතිසභයේදීද කතානායකවරයා දැඩි ලෙස විවේචනය කරනු දැක ගත හැකිවිය.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
කතානායකට විශ්වාසභංගයක්?
Perera Tuesday, 08 July 2025 09:42 AM
රටේ කිසිම කෙනෙකට විශ්වාසයක් නොතිබුණු පොලී මුදලාලි කථානායක කාලේ ඔය විපක්ෂේ දැන් ඉඳගෙන ඉන්න එවුන් බුදිදියෙන් ද හිටියේ?