(නිමල කොඩිතුවක්කු)
මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත ගෙන ඒමේදී ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් නිර්දේශ 09ක් නොසලකා හරිමින් කථානායකවරයා ක්‍රියාකර ඇති බැවින් ඔහු පිළිබඳව විශ්වාසභංගයකට යාමට ඉදිරියේදී සිදුවිය හැකි බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
කතානායකවරයා සම්බන්ධයෙන් කිසිදු විශ්වාසයක් නොමැති බවත් ඔහුගේ අනීතික ව්‍යවස්ථා විරෝධි වැඩපිළිවෙල සම්බන්ධයෙන් ඉදිරියේ දී කටයුතු කරන බවත් විපක්ෂ නායකවරයා ප්‍රකාශ කළේය.
ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් නිර්දේශ කොටසක් මඟහරිමින් දේශපාලන නායකයෝ ආරක්ෂා කරන පනතට කථානායකවරයා අනුමැතිය ලබා දුන් බවත් “ජවය” ගාල්ල දිස්ත්‍රික් පළාත් පාලන අපේක්ෂ හමුවට එක්වෙමින් ඔහු කීවේය.
තමා දේශපාලනය කරන්නේ පවුල හෝ පවුලේ සාමාජිකයන් හෝ වෙන කවුරුන් හෝ රජකරවන්න නොව රටේ ජනතාව රජ කරවීමට බවත් එම නිසා පක්ෂයට ගත යුතු සහ නොගත යුතු පුද්ගලයන් සම්බන්ධයෙන් බලපෑම් නොකරන ලෙසත් විපක්ෂනායකවරයා එහිදී කීවේය.
වසර ගණනාවක් අත්දැකීම් ඇති නිසා නිවැරදි දේ තමා දන්නා බවත් ජනතාව වෙනුවෙන් සේවය කරන්න බැරි නම් පක්ෂය හැරදා ගියාට තමා අමනාප නොවන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
2025 දෙසැම්බර් මස 18
155
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
149
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
953
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කතානායකට විශ්වාසභංගයක් ගේනවා
Bamunuarachchi Monday, 05 February 2024 06:28 AM
ඕගොල්ලෝ ගෙනාපු මොන භංගයද හරිගියේ?