
(සුජිත් හේවාජුලිගේ)
කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කිරීමට සමගි ජන බලවේගය ඇතුළු විපක්ෂයේ දේශපාලන පක්ෂ කටයුතු කරගෙන යයි.
මෙම විශ්වාසභංග යෝජනාව එන සතියේදී භාර දීමට අපේක්ෂා කරන බව විපක්ෂයේ දේශපාලන පක්ෂ සඳහන් කරයි.
ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරාල් අරුණ ජයසේකර මහතාට එරෙහිව විපක්ෂය විසින් බාරදෙනු ලැබූ විශ්වාසභංග යෝජනාව භාර නොගැනීම ඇතුළු විෂමාචාර පදනම් කරගෙන මෙම විශ්වාසභංග යෝජනාව ගෙන එන බව සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා ප්‍රකාශ කළේය.
අරුණ ජයසේකර මහතාට එරෙහිව විපක්ෂය විසින් භාරදෙනු ලැබූ විශ්වාසභංග යෝජනාව භාර ගැනීමට හැකියාව තිබියදී ඔහු එය පැහැර හැරි බවද රහුමන් මහතා ප්‍රකාශ කළේය.
මේ සම්බන්ධයෙන් අප සමග ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී නීතිඥ දයාසිරි ජයසේකර මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ කථානායකවරයාට එරෙහිව විශ්වාස භංග යෝජනාව ඉතාම ඉක්මනින් ගෙන ඒමට කටයුතු කරන බවයි.
කතානායකවරයාට එරෙහිව චෝදනා රැසක් ඇති බවත් ඊට අදාළ චෝදනාපත්‍රය ගොනුකර අවසන් බවත් හෙතෙම සඳහන් කළේය.
එසේම මෙම විෂමාචාර සම්බන්ධයෙන් කතානායකවරයාට එරෙහිව යුරෝපා පාර්ලිමේන්තු සංගමයට පැමිණිලි කිරීමටද විපක්ෂයේ දේශපාලන පක්ෂ කටයුතු කරමින් සිටී.
ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජෙනරාල් අරුණ ජයසේකර මහතාට එරෙහිව විපක්ෂය විසින් බාර දෙනු ලැබූ විශ්වාසභංග යෝජනාව බාර නොගන්නා බව කතානායකවරයා පසුගිය බදාදා පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.
මෙම දැනුම් දීමෙන් පසු විපක්ෂයේ මන්ත්‍රීවරුන් එම තීරණයට විරෝධය දැක්වීමෙන් එදින සහ ඊට පසු දින පාර්ලිමේන්තු සභාගර්භයේ උණුසුම් තත්වයක් ඇතිවිය.
මේ හේතුවෙන් බ්‍රහස්පතින්දා පාර්ලිමේන්තුවේ පෙරවරුවේ කටයුතු විනාඩි දහයකට කල්තැබීමටද කතානායකවරයාට සිදුවූයේය.
මේ අතර ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජෙනරාල් අරුණ ජයසේකර මහතාට එරෙහිව ඉදිරියේදී දෝෂාරෝපණ යෝජනාවක් ගෙන ඒමටද විපක්ෂයේ දේශපාලන පක්ෂ බලාපොරොත්තුවේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විහිළුකාරයෝ වෙන්නේ නැතුව ඉන්න.
යෝජනාව ගෙනැල්ලා විවාද කරලා දිනන්නකෝ, අපි උඩ පැන පැන, අත් දෙකෙනුයි, කකුල් දෙකෙනුයි අත්පුඩි ගහන්නම්...
ඕව කරකර ඉන්න එක විතරයි විපක්ෂයට වෙලා තියෙන්නේ. නැත්නම් විපක්ෂයක් ඉන්න බව දන්නේ නැහැ. මේ විපක්ෂයට පරණ ක්‍රමය හැර වෙන විකල්පයක් නැහැ.
බන්ග වෙචිචි විපක්ෂයේ අයට කරකියා ගන්ඩ දෙයක් නැතුව ඉන්නේ? දෙයියන්ගේ හාල් කැවිලා...
මරු විපක්ෂයේ.. හිටපු කතානායකයා ඒක පාක්ෂිකව වැඩ කෙරුවේ. තමුන්ගේ අයට තනතුරු සබාපතිකම් දුන්නා. හොර බේත් දීලා ලෙඩ්ඩු මැරෙනකොට කටපියා ගෙන හිටපු උන්. දැන් නින්දෙන් නැගිටලා...
ලපයි සිපයිට තියෙන වැඩ තමයි ඔව්වා...