
(කාංචන කුමාර ආරියදාස)
මාස හතරකට අධික කාලයක් කණ්ඩලම වැව ඉස්මත්තේ වෙඩි වැදීමකින් තුවාල ලබා සිටි කණ්ඩලමේ හැඩකාරයා නමින් හඳුන්වනු ලැබූ වන අලියා ඊයේ(13) පස්වරුවේ ජීවිතක්ෂයට පත් වූ බව වනජීවී නිලධාරීහු පවසති.
මීට වසරකට ඉහතදී මුලින්ම මේ අලියාට වෙඩි වැදී සිටියදී වනජීවීන් නිලධාරීන් ප්‍රතිකාර කොට පසුව වනයට මුදා හැර තිබිණි .
පසුව මාස කිහිපයකට පසු නැවතත් තුවාල සුව නොවූ තැන වැව ඉස්මත්තට පැමිණි මෙම සතා ජනතාව අතරට එන්නට පටන් ගෙන තිබිණි.
ජනතාව ආහාර ලබාදෙමින් වනජීවී නිලධාරීන් දැනුවත් කර පසුව ප්‍රතිකාරද ඇරැඹිණි. ඒ අනුව අවස්ථා කිහිපයක් වරින් වරින් පශු වෛද්‍ය කණ්ඩායම් පැමිණ ප්‍රතිකාර කොට පිටව ගියහ .දිනෙන් දින අසාධ්‍ය තත්ත්වයට පත් වූ අලියාට අවසාන භාගයේ වන ජීවී නිලධාරීන් ආහාර ලබාදීම ප්‍රතිකාර කිරීම් සිදු කරන්නට විය .
පසුව සිංහල වෙදකම් කිරීමද ආරම්භ විය .ඒ අනුව දින පහක පමණ කාලයක් එසේ වෙදකම් කළ ද ඔහුගේ ජීවිතය අවසන් විය .
රන්ගිරි දඹුලූ වළගම්බා මහ පිරිවනේ නියෝජ්‍ය පරිවෙනාධිපති නික පිටියේ සුනන්ද ස්වාමීන් වහන්සේ ඇතුළු විශාල භික්ෂූන් වහන්සේලා පිරිසක් එම ස්ථානයට වැඩම කොට ආගමික වතාවත් ඉෂ්ඨ සිද්ධ කරමින් පාංශකූල කටයුතු සිදු කරන්නට වූහ.
පසුව මතක වස්ත්‍ර පූජාකොට පැන් වඩා මියගිය කණ්ඩලමේ හැඩකාරයාට බෞද්ධාගමික කටයුතු අනුව නිවන් සුව ප්‍රාර්ථනා කිරීම සිදුකරන්නටවූහ. විශාල පිරිසක් මෙම ස්ථානයට රැස්ව සිටින අයුරු දැකිය හැකි විය.


(මෙම ඡායාරූපය අන්තර්ජාලයෙනි)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ කැලෑවල ජීවත් වන අලින්ගේ සහ ඒ වට ජීවත් වන මිනිසුන්ගේ ජීවිතය බොහෝම කඳුළැති සහ කනගාටුදායකයි. අනාරක්ෂිතයි. දැපත්තෙන්ම මරෙනවා. ලෝකයේ තවත් බොහෝ රටවල අලින් සහ මිනිසුන් බොහොම හොඳට ස්වාභාවික ජීවන රටාවකින් ජීවත් වෙන බව මම අහලා තියෙනවා. ඇයි වනජීවී නිලධාරින්ට එම රටවල් අනුගමනය කරන ක්‍රියා මාර්ග අපේ රටේ ක්‍රියා කිරීමට උත්සාහ ගන්නෙ නැත්තේ කියලා මට හිතාගන්න බැහැ. එවැනි ක්‍රමවලට ගියොත් සම්තින් එක හොයාගන්න බැරි වෙන නිසාද? එහෙම නැතිනම්, උවමනාවක් නැති කමද?