
(කාංචන කුමාර ආරියදාස)
මාස හතරකට අධික කාලයක් කණ්ඩලම වැව ඉස්මත්තේ වෙඩි වැදීමකින් තුවාල ලබා සිටි කණ්ඩලමේ හැඩකාරයා නමින් හඳුන්වනු ලැබූ වන අලියා ඊයේ(13) පස්වරුවේ ජීවිතක්ෂයට පත් වූ බව වනජීවී නිලධාරීහු පවසති.
මීට වසරකට ඉහතදී මුලින්ම මේ අලියාට වෙඩි වැදී සිටියදී වනජීවීන් නිලධාරීන් ප්‍රතිකාර කොට පසුව වනයට මුදා හැර තිබිණි .
පසුව මාස කිහිපයකට පසු නැවතත් තුවාල සුව නොවූ තැන වැව ඉස්මත්තට පැමිණි මෙම සතා ජනතාව අතරට එන්නට පටන් ගෙන තිබිණි.
ජනතාව ආහාර ලබාදෙමින් වනජීවී නිලධාරීන් දැනුවත් කර පසුව ප්‍රතිකාරද ඇරැඹිණි. ඒ අනුව අවස්ථා කිහිපයක් වරින් වරින් පශු වෛද්‍ය කණ්ඩායම් පැමිණ ප්‍රතිකාර කොට පිටව ගියහ .දිනෙන් දින අසාධ්‍ය තත්ත්වයට පත් වූ අලියාට අවසාන භාගයේ වන ජීවී නිලධාරීන් ආහාර ලබාදීම ප්‍රතිකාර කිරීම් සිදු කරන්නට විය .
පසුව සිංහල වෙදකම් කිරීමද ආරම්භ විය .ඒ අනුව දින පහක පමණ කාලයක් එසේ වෙදකම් කළ ද ඔහුගේ ජීවිතය අවසන් විය .
රන්ගිරි දඹුලූ වළගම්බා මහ පිරිවනේ නියෝජ්‍ය පරිවෙනාධිපති නික පිටියේ සුනන්ද ස්වාමීන් වහන්සේ ඇතුළු විශාල භික්ෂූන් වහන්සේලා පිරිසක් එම ස්ථානයට වැඩම කොට ආගමික වතාවත් ඉෂ්ඨ සිද්ධ කරමින් පාංශකූල කටයුතු සිදු කරන්නට වූහ.
පසුව මතක වස්ත්‍ර පූජාකොට පැන් වඩා මියගිය කණ්ඩලමේ හැඩකාරයාට බෞද්ධාගමික කටයුතු අනුව නිවන් සුව ප්‍රාර්ථනා කිරීම සිදුකරන්නටවූහ. විශාල පිරිසක් මෙම ස්ථානයට රැස්ව සිටින අයුරු දැකිය හැකි විය.


(මෙම ඡායාරූපය අන්තර්ජාලයෙනි)
2025 නොවැම්බර් මස 04
200
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2073
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1590
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
කණ්ඩලමේ හැඩකාරයාත් දිවි ගමනට සමුදෙයි
Bunny Preena Thursday, 14 August 2025 01:26 PM
ලංකාවේ කැලෑවල ජීවත් වන අලින්ගේ සහ ඒ වට ජීවත් වන මිනිසුන්ගේ ජීවිතය බොහෝම කඳුළැති සහ කනගාටුදායකයි. අනාරක්ෂිතයි. දැපත්තෙන්ම මරෙනවා. ලෝකයේ තවත් බොහෝ රටවල අලින් සහ මිනිසුන් බොහොම හොඳට ස්වාභාවික ජීවන රටාවකින් ජීවත් වෙන බව මම අහලා තියෙනවා. ඇයි වනජීවී නිලධාරින්ට එම රටවල් අනුගමනය කරන ක්‍රියා මාර්ග අපේ රටේ ක්‍රියා කිරීමට උත්සාහ ගන්නෙ නැත්තේ කියලා මට හිතාගන්න බැහැ. එවැනි ක්‍රමවලට ගියොත් සම්තින් එක හොයාගන්න බැරි වෙන නිසාද? එහෙම නැතිනම්, උවමනාවක් නැති කමද?