(කාංචන කුමාර ආරියදාස)
පවතින අධික වර්ෂාවත් සමඟ කණ්ඩලම වැවේ වාන් දැමීම ආරම්භ කළ බව මහවැලි නිලධාරීන් පවසයි.
ඊයේ (4) පස්වරුවේ අඟල් හයක් පමණ වාන් දැමූ කණ්ඩලම වැව අද (5) උදෑසන වන විට අඩි එකහමාරක් පමණ දක්වා එය වර්ධනය වී තිබේ.
වානෙන් බැස යන ජලය මිරිස්ගොනියා ඔය හරහා කලාවැවට මුදාහැරේ.
මෙම හේතුවෙන් දඹුල්ල වෑවල වැව යන මාර්ගයේ ගමනාගමන කටයුතුවලට බාධා එල්ල වී තිබේ.
විශේෂයෙන් කුඩා පාලමෙන් යතුරුපැදි ත්‍රිරෝද රථ ගමන් කිරීමට හැකිවන අතර වාන මතින් දිවෙන මාර්ගයේ බස් ගමනාගමනයට පමණක් සීමා වී ඇති අතර අනෙකුත් වාහන ගමනාගමනය නවතා තිබීම විශේෂත්වයකි.
වාන මතින් ගමන් කිරීමේ දී ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් දඹුල්ල පොලීසියට අනියුක්ත පොලිස් ජීවිතාරක්ෂක නිලධාරීන් සේවයේ යොදවා තිබෙන බව පොලීසිය පවසයි.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
කණ්ඩලම වැව වාන් දමයි
sampath Friday, 06 December 2019 12:29 PM
මෙය ඉතාමත් අවදානම් සහිත ගමනක් ආරක්‍ෂිත ක්‍රමවේදයක් සැදිය යුතුයි.