
(එස්. හේරත් සහ හිරාන් ප්‍රියංකර ජයසිංහ)
මත්ද්‍රව්‍ය තොගයක් ගැඹුරු මුහුදේ සිට ට්‍රෝලර් යාත්‍රාවක් ගොඩබිමට රැගෙන ඒමේ කුලිය වූ රුපියල් එක්කෝටි අසූ ලක්ෂකට ආසන්න මුදලක් ත්‍රිරෝද රියගින් රැගෙන ගිය දෙදෙනකු සැකපිට ප්‍රශ්න කිරීම සඳහා අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධික මනතුංග මහතා ප්‍රකාශ කරයි.
රුපියල් එක්කෝටි අසූ ලක්ෂයක මුදලක් ත්‍රී රෝද රථයකින් ගෙන යමින් සිටි පුද්ගලයන් දෙදෙනකු ඊයේ ( 22) රාත්‍රියේ තොඩුවාව පොලිසියේ රථවාහන අංශයේ නිලධාරීන් දෙදෙනකු විසින් මහාවැව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මීගමුව ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙකි.
සැකකරුවන්ගෙන් ප්‍රශ්න කිරීමේදී එම මුදල් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කිරීමේ කුලිය ලෙස අදාල පුද්ගලයන්ට දීමට රැගෙන යන බවට අනාවරණය වූ බව පොලිසිය කියයි.
ඔවුන්ගෙන් සිදු කළ ප්‍රශ්න කිරීමේ දී මෙම සිද්ධියට සම්බන්ධ බව කියන කාන්තාවන් දෙදෙනකු ඇතුළු හය දෙනකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd