IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


ඔපෙක් අරමුදලෙන් ඩොලර් මිලියන 50ක ණයක්

(අංජුල මහික වීරරත්න)

ආර්ථික ස්ථායීකරණ හා ප්‍රතිසාධන වැඩසටහන සඳහා අන්තර් ජාතික සංවර්ධනය සඳහා වූ ඔපෙක් අරමුදලේ සහාය ලබා ගැනීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

ජාත්‍යන්තර  මූල්‍ය අරමුදලේ සහාය ඇතිව ක්‍රියාත්මක කරනු ලබන විස්තීරණ අරමුදල් පහසුකම් වැඩසටහනට සමගාමීව, ශ්‍රී ලංකාවේ විස්තීරණ ප්‍රතිසංස්කරණ න්‍යාය පත්‍රය මුල්‍යනය කිරීම සඳහා අරමුදල් සපයා ගැනීම පිණිස ශ්‍රී ලංකා රජය විසින් ඇන්තර් ජාතික සංවර්ධනය සඳහා වූ ඔපෙක් අරමුදල වෙත ඉල්ලීමක් ඉදිරිපත් කර ඇත.

ප්‍රතිපත්ති මත පදනම් වූණය යටතේ ඇමෙරිකානු ඩොලර් මිලියන 50 ක ණය මුදලක් ලබා දීමට එම ආයතනය විසින් එකඟතාව පළ කර තිබේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ද මෙම ණය ලබා ගැනීම, ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක එම අරමුදල් වැඩ සටහනේ පරාමිතීන්ට අනුකූල වන බවට තහවුරු කර ඇත. ඒ අනුව, එකී ණය මුදල ලබා ගැනීම වෙනුවෙන් අන්තර් ජාතික සංවර්ධනය සඳහා වූ ඔපෙක් අරමුදල සමඟ ණය ගිවිසුමට එළඹීම පිණිස මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය වශයෙන් ජනාධිපති ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.



අදහස් (2)

ඔපෙක් අරමුදලෙන් ඩොලර් මිලියන 50ක ණයක්

Umara Tuesday, 10 December 2024 03:34 PM

නියමයි සහෝදරයා ණය ගමු ලොවෙත් නැතිවෙන්ඩ.

:       0       8

පොහොසත් රට Tuesday, 10 December 2024 06:21 PM

මේ බර වචන මොකුත් නැතිව සරලව කියන්න තිබ්බා. නව වන ජනාධිපති ඩොලර් මිලියන 50 ක් ණය වන කැබිනට් පත්‍රිකාවක් දාලා අනුමැතිය ගත්තා කියලා... සංස්කෘතිකයි. පුනරුදයට එකඟයි.

:       0       9

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 611 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 296 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1095 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site