
(විමුක්ති එස් රුද්‍රිගු)
භාවිතයෙන් ඉවත්කළ ඔන්ඩැන්සෙට්‍රෝන් එන්නතේ අදාළ කාණ්ඩ වහාම ජාත්‍යන්තර වශයෙන් පිළිගත් පර්යේෂණාගාරයක් වෙත යොමුකර පරීක්ෂා කරන ලෙස එන්නත නිෂ්පාදනය කළ මාන් ඖෂධ සමාගම ලිපියක් මාර්ගයෙන් දැනුම් දී තිබෙන බව ඖෂධ නියාමන අධිකාරියේ සභාපති විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා ප්‍රකාශ කළේය.
ඒ සඳහා වැයවන මුදල තම සමාගම මගින් දැරීමට සූදානම් බව ද එම ලිපිය මගින් දන්වා ඇතැයි ද ඖෂධ නියාමන අධිකාරියේ සභාපතිවරයා කියා සිටියේය.
ඔන්ඩැන්සෙට්‍රෝන් එන්නතේ රෝහල්වලින් ඉවත් කරගන්නා කාණ්ඩ නිසි ප්‍රමිතියට ගබඩා කර තබන ලෙස මාන් ඖෂධ සමගම ඉල්ලා තිබුණත් එය එලෙස විශේෂයෙන් සඳහන් කළ යුතු කාරණාවක් නොවන බවද ඔහු පැවැසුවේය.
රෝහල්වලින් ඉවත් කරන ඖෂධ කාණ්ඩයක් වුවත් නිසි ප්‍රතිමිතියට ගබඩා කිරීමට කටයුතු කරන බව ඔහු පෙන්වා දුන්නේය.
කොළඹ අයි.ඩී.එච්. රෝහලේ එන්නත ලබාදී තිබු රෝගීන් දෙදෙනකු මිය යාමේ සිදුවීම සම්බන්ධයෙන් විශේෂඥ කමිටුවක් මගින් විමර්ශනයක් සිදු කෙරෙන බවත් එහිදී එන්නත සහ රෝගීන් දෙදෙනා මියයාම අතර සම්බන්ධයක් තිබෙනවාදැයි සොයා බැලෙනු ඇති බවත් විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා ප්‍රකාශ කළේය.
මාන් ඖෂධ සමාගමට මෙරට පූර්ණ ලියාපදිංචිය ලබාදී ඇත්තේ 2022 වසරේදී යැයි ඔහු පැවැසුවේය. ඔන්ඩැන්සෙට්‍රෝන් එක් ඇණවුමක් ලබාදී ඇත්තේ 2022 වසරේදී බවත් එම ඇණවුම මෙරටට 2024 ලැබී ඇති බවත් ඔහු ප්‍රකාශ කළේය.
එසේම තවත් ඇණවුමක් 2023 වසරේ ලබාදී තිබෙන බවද ඔහු පැවැසුවේය.
2025 දෙසැම්බර් මස 18
280
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
187
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
994
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඔන්ඩැන්සෙට්‍රෝන් එන්නතේ ගැන මව් සමාගමෙන් ලිපියක්