
(අංජුල මහික වීරරත්න)
ඔටිසම් තත්ත්වය සහ ස්නායු සංවර්ධනය පිළිබඳ ගැටලු වලින් පෙළෙන ළමුන් වෙනුවෙන් ප්‍රතිකාර හා දිවා සුරැකුම් මධ්‍යස්ථාන පිහිටුවීම සඳහා ජාතික මට්ටමේ යාන්ත්‍රණයක් සකස් කිරීමේ ඒකාබද්ධ සැලසුම් යෝජනාව සති දෙකක් ඇතුළත ඉදිරිපත් කරන කරන ලෙස ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක කරන මෙම වැඩසටහන පිළිබඳව ප්‍රජාශක්ති ලේකම් කාර්යාලයේ මෙහෙයවීමෙන් පැවති සාකච්ඡාවකදී ජනාධිපති ලේකම්වරයා නිලධාරීන්ට මෙම උපදෙස් ලබා දුන්නේය.
මෙම වැඩසටහන, ඊට අදාළ රේඛීය අමාත්‍යාංශ සහ ආයතන මගින් ක්‍රියාත්මක කෙරෙන අතර ජනාධිපති ලේකම් කාර්යාලය මගින් සම්බන්ධීකරණ කටයුතු සිදු කෙරේ.
මෙහිදී, මෙවර අයවැයෙන් කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශයට වෙන් කර තිබෙන රුපියල් මිලියන 250ක ප්‍රතිපාදන සමාජසේවා දෙපාර්තමේන්තුව මගින් දිස්ත්‍රික් ලේකම්වරුන්ට ලබා දීම, එම දිවා සුරැකුම් මධ්‍යස්ථාන ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය මානව සම්පත් සංවර්ධන සැලැස්මක් සකස් කිරීම, මෙම වැඩසටහන අදාළ රේඛීය ආයතන සම්බන්ධ කර ගනිමින් ක්‍රියාත්මක කිරීමට විද්‍යාත්මක පසුබිමක් සහිත නව මොඩලයක් සකස් කිරීම ඇතුළු කරුණු පිළිබඳව සාකච්ඡා විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මාලිමා ආණ්ඩුවට උදේ-හවස බැන්නාට මොකද, මේ ආණ්ඩුව විතරයි මෙහෙම හරි අපි ගැන බලන්න ඉන්නේ.
ඔටිසම් තත්ත්වය සහ ස්නායු සංවර්ධනය පිළිබඳ ගැටලු වලින් පෙළෙන ළමුන් වෙනුවෙන් දිවා සුරැකුම් මධ්‍යස්ථාන පිහිටුවීමට රජය බලාපොරොත්තු වන්නේ නම් පළමුව කළයුතු වන්නේ ඒ සඳහා අවශ්‍ය වන ගුරුවරුන්/ කාර්යමණ්ඩලයට විශේෂ පුහුණුවක් ලබාදීම වේ.
මෙවැනි දරුවන් හට වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන සෑම ප්‍රදේශයකම ඇති කල යුතුය.
වැඩිහිටි ඕටිසම් දරුවන් වෙනුවෙන් සෑම ප්‍රදේශයකම වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන ඇති කල යුතුය.
යුරෝපයේ මෙවැනි දරුවන් සම්බන්ධයෙන් ක්‍රමවත් වැඩ පිළිවෙලවල් ක්‍රියාත්මක වෙනවා. ලංකාවේ අපි ඉන්නේ ඉතා පසුපසින්, ජෙර්මනිය සමග රජයට හොඳ සම්බන්ධතා තිබෙන නිසා රජයට පුළුවන් රාජ්‍ය තාන්ත්‍රික මාර්ගයෙන් මේ සම්බන්ධව උපදෙස් ගන්න, මෙවැනි දෙයකට උදව්වක් ඉල්ලුවොත් නොකර ඉන්න එකක් නැහැ. මෙහෙම උපකාරයක්වත් ඉල්ලන්නේ නැතිනම් රාජ්‍ය නායකයෝ විශාල මුදලක් වියදම් කරගෙන රටවල්වල සංචාරය කරන එකේ තේරුමක් නැහැ.
යෝගා ඩෝබි මහත්මයා කලබල වෙන්න එපා... තවම සාකච්ඡා කළා විතරයිනේ... කිසිම දෙයක් ක්‍රියාත්මක වුනේ නැහැනේ... ඔය වැනි සාකච්ඡා සහ පොරොන්දු පසුගිය අවුරුද්ද තුළ දේශපාලන වේදිකා සහ සාකච්ඡා වට මේසවල ගොඩක් දුන්නා... නමුත් ක්‍රියාත්මක වුනේ නම් නැහැ... ආණ්ඩුව කටින් බතලකොළ හිටුවන්න දක්ෂයා, බලමු මේකවත් ක්‍රියාත්මක වෙනවාද කියලා, ක්‍රියාත්මක වුණොත් ලොකු දෙයක්...