(නිමල් ජයරත්න)
අවුරුදු අටක් වයසැති දරුවකු මව සමග එළුවන් බැලීමට අද සවස ගිය අවස්ථාවේදී පොළොන්නරුව වැලිකන්ද නාගස්තැන්න ප්‍රදේශයේදී ඉසඩ්.ඩි. ප්‍රධාන ඇළට වැටි මියගොස් ඇති බව වැලිකන්ද පොලිසිය කියයි.
මෙලෙස අවාසනාවන්ත ලෙස මියගොස් ඇත්තේ වැලිකන්ද නාගස්තැන්න පදිංචිව සිටි එම්.පී.ලශ්මික හේශාන් යන පිරිමි දරුවකු බව ඒ පිළිබඳ පරීක්ෂණ සිදුකරන වැලිකන්ද පොලිසිය සඳහන් කරයි.
දරුවා මව සමග එළුවන් බැලීමට ගොස් ඇති අතර,දරුවා නොමැති විට ඔහු නිවසට ගොස් ඇති බවට සැකසිතූ මව නිවසට ගොස් ඇත.
එවිට නිවසේ දරුවා නොසිට ඇති අතර මව ඉසැඩ්.ඩි.ඇල ප්‍රදේශයට ගොස් දරුවා ප්‍රදේශවාසීන් සමග සොයා ඈත.
පැය දෙකක පමණ මෙහෙයුමකින් අනතුරුව ප්‍රදේශවාසීන් දරුවාගේ සිරුර ඉසෙඩ්. ඩී.ඇලේ තිබී සොයා ගැන ඇති බව වැලිකන්ද පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක එල්.පී.ජේ. කුමාරසිංහ මහතා අප කළ විමසීමකදී සඳහන් කළේය.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
එළුවන් බලන්න ගිය දරුවා ඉසඩ් ඇළට බිලි