IMG-LOGO

2025 මැයි මස 09 වන සිකුරාදා


එන්නතකින් පසු සිඟිත්තියක් මරුට

(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)

මාස 4ක් වයසැති තම සිඟිති දියණියට හෙට්ටිපොළ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයෙන් එන්නතක් ලබාදීමෙන් පසු, රෝගාතුරව, මියගිය බව සඳහන් කරමින්, එම සිඟිත්තියගේ පියා වන හර්ෂණ ප්‍රදීප් රත්නායක නමැත්තකු පෙරේරා (16) පැමිණිල්ලක් කළේ යැයි කුලියාපිටිය මූලස්ථාන පොලීසිය පවසයි.

මෙසේ මියගොස් ඇත්තේ, කුලියාපිටිය, ඉහළ ගොමුගොමුව ප්‍රදේශයේ පදිංචි වික්‍රම ආරච්චිලාගේ නිම්නාදි සේනානායක නමැති සිඟිත්තියකි.

හෙට්ටිපොළ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයට ගොස් මාස හතරකින් ලබාදෙන එන්නත දියණියට පසුගිය 15 වැනිදා ලබාදීමෙන් පසු නිවෙසට පැමිණි බව පැමිණිලිකරු පවසන්නේ යැයි පොලීසිය සඳහන් කරයි.

දරුවා එදින කිසිම අපහසුතාවකින් තොරව සිටි බවත්, පසු දින එනම් 16 වැනිදා අලුයම 4.30ට පමණ ඇයගේ කටින් සෙම වැගිරීමට පටන්ගෙන, හුස්ම ගැනීමේ අපහසුතාවකින් පෙළුණු බවත්, ඇය ඒ මොහොතේම කුලියාපිටිය ශික්ෂණ රෝහලට රැගෙන ආ බවත්, දැරියගේ පියා පොලීසියට කළ පැමිණිල්ලේ සඳහන් වන බව කියති.

කුලියාපිටිය ශික්ෂණ රෝහලේ ප්‍රාථමික සත්කාර ඒකකයට ඇතුළත් කිරීමෙන් පසු වෛද්‍යවරුන් පරීක්ෂා කර බලා, සිඟිති දියණිය මියගොස් ඇති බව දැනුම් දුන්නේ යැයි පැමිණිලිකරු පොලීසියට පවසා ඇත.

මියගිය සිඟිති දැරියගේ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණයකට ලක් කිරීම සඳහා කුරුණෑගල ශික්ෂණ රෝහලට ගෙන ගොස් තිබේ.

මේ අතර, තම දියණිය නිරෝගීව සිටි බවත්, දන්නා තරමින් කිසිදු රෝගයක් ඇයට නොතිබූ බවත්, සිඟිත්තියගේ පියා ‘ලංකාදීප’යට පැවැසීය.

දැරියට හෙට්ටිපොළ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේදී ඉකුත් 15 වැනිදා මාස හතරේ එන්නත ලබාදුන් බව ද ඔහු කීවේය.

හෙදියක විසින් එන්නත දෙනු ලැබීමෙන් පසු විනාඩි විස්සක් යනතුරු එම ස්ථානයේ ගත කරන ලෙස දැනුම් දුන් බවත්, රෝග ලක්ෂණයක් පෙන්නුම් නොකළ නිසා බිරිඳ දැරිය සමග නිවෙසට පැමිණි බවත් පියා සඳහන් කළේය.

සිඟිති දියණියගේ මරණය සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙස සෞඛ්‍ය බලධාරීන්ගෙන් ඔහු ඉල්ලීමක් කළේය.

මේ අතර, මියගිය මෙම මාස හතරක් වයසැති සිඟිත්තිය ඇතුළු දරුවන් දස දෙනකුට එකම එන්නත් කුප්පියකින් පසුගිය පහළොස් වැනිදා එන්නත් ලබා දුන් බවත්, එහෙත්, ඔවුනට කිසිදු සංකූලතාවක් හෝ රෝග ලක්ෂණයක් පහළ වී නොමැති බවත්, හෙට්ටිපොළ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ ප්‍රකාශකයෙක් පැවැසීය.

කුරුණෑගල ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ, වෛද්‍ය ප්‍රමිතා ශාන්තිලතා මහත්මියගෙන් මේ සම්බන්ධයෙන් කළ විමසුමේදී ඇය මෙසේ කීවාය.

“ඔය කියන දිනයේ මෙම දරුවාට එන්නතක් හෙට්ටිපොළ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය මගින් ලබා දුන් බව සත්‍යයි. එන්නත නිසා දරුවාගේ මරණය සිදු වූ බව කිව නොහැකියි.

මරණයට හේතු හොයා ගැනීම සඳහා කුරුණෑගල ශික්ෂණ රෝහලේදී විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා විසින් පශ්චාත් මරණ පරීක්ෂණයක් සිදු කරනු ලබනවා. පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු නිම වීමෙන් පසු මරණයට නිශ්චිත හේතුවක් කිව හැකියි.”

වයඹ පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වසන්ත කිත්සිරි ජයලත් මහතාගේ අධීක්ෂණය යටතේ, කුලියාපිටිය කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිරංජන් අබේවර්ධන මහතාගේ උපදෙස් මත, කුලියාපිටිය මූලස්ථාන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඩබ්ලිව්.එම්.පී. විජේසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් මේ සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වේ.



අදහස් (14)

එන්නතකින් පසු සිඟිත්තියක් මරුට

මහසෙන් Monday, 17 July 2023 08:00 AM

බෙහෙත් මාෆියාවේ තව ගොදුරක් .

:       4       38

sam Monday, 17 July 2023 09:31 AM

ලංකාවට එන්නත් ගෙන්වීමට පෙර එම එන්නත් පිලිබදව බලධාරීන් විසින් පුළුල් අද්‍යයනයක් කලයුතු අතර එම අද්‍යයනයෙන් පසු අනුමත කරනාවූ බෙහෙත් වර්ග හෝ එන්නත් පිලිබදව සහතිකයක් ඔවුන් සතුව තිබිය යුතුය. එන්නත් ලබාදීමෙන් පසු රෝගියකු මියයාමේ තත්වයන් ඇතිවිය හැකිය. එම රෝගියා දැනුවත්ව හෝ නොදැනුවත්ව පෙලෙන්නාවූ වෙනත් අසනීප හෝ නිසාවෙන් මෙවැනි හදිසි මරණ සිදුවිය හැකිය. කෙසේ උවත් රෝගීන්ට ලබාදෙන්නාවූ එන්නත් හා බෙහෙත් වර්ග ගෙන්වීම සහ දැඩි නියාමනයන් යටතේ සිදුවිය යුතුවේ. බෙහෙත් වර්ග හෝ එන්නත් ලංකාවට ගෙන්වන්නාවූ සමාගම් ලබදෙනාවූ දත්ත මත පදනම්ව තීරණ ගැනීම නිසා මෙවැනි කට යුතු සිදුවන්නේද කියා සොයා බැලිය යුතු වේ. කිසිදු ආකාරයකට Suppliers ලබාදෙන්නාවූ දත්ත මත imports කරනාවූ බෙහෙත් වර්ග හෝ එන්නත් රෝහල් වෙත නිකුත් නොකලයුතුවේ. රජය අත්රම්දියන් නොමැතිව බෙහෙත් වර්ග හෝ එන්නත් වර්ග වෙනත් රටවලින් ලබාගැනීමට ඍජුව කටයුතු කලයුහුවේ. එවිට රජයේ සවුක්ය අංශ පුර්ණ වගකීමෙන් මෙම කටයුතු කිරීමට වගබලා ගත යුතුවේ

:       1       21

prasanna Monday, 17 July 2023 11:37 AM

ගෙන්වන ලබන සෑම එන්නතක්ම සෞක්ය ඇමතිගෙ පස්සට විදල ටෙස්ට් කරන්න ඔන...ජනතවට එන්නත දෙන්න කලින්

:       4       69

සෑම් Monday, 17 July 2023 12:51 PM

මසුරං කියමන

:       2       22

Perera Monday, 17 July 2023 12:58 PM

දරුව අරන් රොහලට ගියෙ මොකටද????? දේවාලෙකට ගියානම් ඉවරනෙ.......සෞඛය බලදාරින්ව නිකන් අමාරුවෙ දාන්නෙ නතුව.

:       26       5

සිල්වා Monday, 17 July 2023 02:45 PM

එහෙම නම් රොහල් හදල තියෙන්නෙ පිං පඩි කාරයන්ට ද?

:       2       10

Pradeep Kumara Monday, 17 July 2023 01:00 PM

ඇයි මේ සෞඛ්‍ය බලධාරීන් මිනිස් ජීවිතත් එක්ක සෙල්ලම් කරන්නේ?? මේ වියසනය නතර කරන්න තව ජීවිත කීයක් බිලිගන්න ඕනද??

:       4       17

Kavidhu Monday, 17 July 2023 01:03 PM

කෝ මෙ ආන්ඩු කරන එවුන්. එකටත් හේතුවක් හදල ලස්සනට TV එක ඉස්සරහට ඇවිල්ල කියපල්ල.

:       4       22

namal Monday, 17 July 2023 01:51 PM

බාල ඖෂධ ගෙන්වපු අයටයි, ඔවුන්ගේ පවුලේ අයට සහ ගෙන්වන්න උදව් කරපු අයටයි, ඔවුන්ගේ පවුලේ අයටයි ශාප වේවා !! මේ රටේ ජනතාව රවට්ටපු හැම දේශපාලනඥයාටම ශාප වේවා ! මුළු රාජපක්ෂ පවුලටම හෙණ හතම වැදියල්ලා. රාජපක්ෂ පවුලට කඩේ යන වහල් බයියන්ටත් හෙණ හතම වැදියල්ලා... ශාප වේවා!

:       3       27

බද්රානි Monday, 17 July 2023 03:19 PM

දේශපාලන ගෙවල්ලු වෙලා ඉන්න ලංකාවේ දොස් චෝරාලා මේ මරණයත් දේශපාලකයෙක් හෝ ඇමතිකෙනෙක් පිට පටවා නින්දිත දේශපාලනයේ නිරත වෙනවා. වර්තමාන තාක්ෂණයේ හැටියට අපිටත් පුළුවන් ගූගල් සර්ච් කරලා ලෙඩකට බෙහෙතක් හොයා ගන්න. නමුත් සැබෑ වෛද්‍ය වරයෙක් රෝගියාගේ ලෙඩේ පමණක් නොවෙයි, රෝගියාට ඇති අසාත්මිකතාවයන් පිලිබදව සැලකිලිමත්වී ඒ රෝගියාගේ ශරීර සෞඛ්‍යය ගැනත් සලකලා තමයි බෙහෙතක් නියම කරන්නේ. ඒ වගේම ඔය බාල යයි කියන බෙහෙත් ලංකාවට ගෙන්වන්න දොස් චෝරාලගේ මාෆියා කල්ලිය අනුමැතිය ලබාදීලම නැද්ද? කොන්දොස්තර ජාන තියන අය දොස්තරලා උනාම ඔහොම තමයි. අවමංගල්‍ය සේවයත් ලංකාවේ දොස්තර මුදලාලිලාට හොඳටම ගැලපෙන රස්සාවක්.

:       8       7

රංජිත් Monday, 17 July 2023 04:03 PM

දොස්තරලා බෙහෙත් ගෙන්නනෙ නෑ යකූ....

:       6       10

සමන් Monday, 17 July 2023 03:46 PM

ඔබලාට මිනිස්සු පේන්නේ මීයෝ වගේද?

:       2       7

රංජිත් Monday, 17 July 2023 04:01 PM

මාස 4න් 4ට විදිනවලු එන්නත....බබාටත් මාස හතරයි.....මොකද්ද බොල ඒ කතාව

:       5       4

pakeer Tuesday, 18 July 2023 08:02 AM

සාමාන්යෙන්, මෙ වයස්වල ලමයින්ට ගහන්නෙ නෝර් වේ, ස්වීඩන් සහ ඩෙන්මාර්ක් වල හදන බෙහෙත්. පුද්ගලික රෝහල් වලින් චන්නෙල් කරල ගැහුවොත් මෙව තමයි ඒ් අය ගහන්නෙ. නමුත් අපි වගෙ රිද්‍රරතාවෙන් පෙලෙන උන් ගහන්නෙ මෙව.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

පාඨලීගේ පෙත්සම විසි වෙයි
2025 මැයි මස 09 446 0

2016 වසරේ රාජගිරිය ප්‍රදේශයේ සිදු කළ රිය අනතුරක් පිළිබඳව සාක්ෂි වසන් කිරීම ඇතුළු චෝදනා යටතේ තමා අතුළු විත්තිකරුවන් තිදෙනෙකුට එරෙහිව නීතිපතිවරයා පවරා ඇ


‘‘ඉන්දු පකිස්ථාන ගැටුම්වලට අපේ ගුවන බෑ‘‘
2025 මැයි මස 09 431 0

ඉන්දු පකිස්ථාන ගැටුම් වලදී එක් පාර්ශවයකට හෝ ශ්‍රී ලාංකික භූමිය, ජල තීරය හෝ ගුවන පාවිච්චි කිරීමට ඉඩ නොදෙන බවට දැඩි ස්ථාවරයක රජය පසුවන බව කැබිනට් මාධ්‍ය


රැකියා අවස්ථා නංවන්න ලෝක බැංකුවෙන් සහාය
2025 මැයි මස 09 101 0

මෙරට නව රැකියා අවස්ථා ඇති කිරීමටත්, පුද්ගලික අංශයේ වර්ධනය පුළුල් කිරීමටත් සහාය වීමට ඇමෙරිකානු ඩොලර් බිලියනයක සහායක් ශ්‍රී ලංකාවට ලබාදීමට ලෝක බැංකුව


පාකිස්තාන ප්‍රහාරයකින් ඉන්දියානුවන් 16ක් මරුට
2025 මැයි මස 09 921 0

පාකිස්තාන හමුදා ජම්මු හා කාශ්මීර් පාලන රේඛාවට යාබදව තිබෙන ඉන්දියානු ගම්මානයට දරුණු ෂෙල් වෙඩි ප්‍රහාරයක් එල්ල කළ බවත් ඉන් සිවිල් වැසියන් 16 ක් මියගොස්


දැරිය පැහැර ගන්න හැදු සැකකරු රඳවාගන්න අවසර
2025 මැයි මස 09 235 0

කොළඹ ප්‍රසිද්ධ පාසලක් අසලදී දැරියක් පැහැරගෙන යාමට තැත් කළේ යැයි අත්අඩංගුවට පත් සැකකරු පොලිස් භාරයේ රඳවාගෙන ප්‍රශ්න කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත


මාස හතරට ඝාතන 29ක්
2025 මැයි මස 09 128 0

කොට්ටාව මාලපල්ල ප්‍රදේශයේ වෙඩි තබා පුද්ගලයකු ඝාතනය කිරීමේ සිද්ධියත් සමගම මෙම වසරේ මේ දක්වා දිවයින පුරා සිදු වූ වෙඩිතැබීම් 43 කින් 29 ක් ඝාතනයට ලක්ව ඇතැය


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1225 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 307 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1338 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site