(සුජිත් හේවාජුලිගේ)

ෆයිසර, මොඩර්නා සහ ජොන්සන් ඇන්ඩ් ජොන්සන් යන එන්නත්වලින් ලැබෙන ආරක්ෂාව (ඵලදායිත්වය) සැලකිය යුතු ලෙස අඩුවී ඇති බව ඇමරිකා එක්සත් ජනපදයේ පර්යේෂණ කණ්ඩායමක් කර ඇති පරීක්ෂණයකදී තහවුරුවී  ඇතැයි  ඖෂධ නිෂ්පාදන සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පැවැසීය.

එම එන්නත්  ලබාගත් පුද්ගලයන් ලක්ෂ 8කට වැඩි පිරිසක්  යොදාගෙන කරන ලද පරීක්ෂණයකදී හෙළිදරව් වී ඇති මෙම තොරතුරු ඇමරිකාවේ පළ වන "සයන්ස්"නැමැති සඟරාවේද  පළ කර ඇති බව හෙතෙම සඳහන් කළේය

මේ අනුව  පසුගිය  මාර්තු මාසයේදී සියයට 89ක් ලෙස පැවති  ෆයිසර්  එන්නතේ ඵලදායීත්වය මේ වන විට සියයට  58ක් දක්වාත් මාර්තු මාසයේදී සියයට  අසූ හතක් ලෙස පැවති මොඩර්නා එන්නතේ ඵලදායිත්වය  මේ වනවිට  සියයට 43දක්වාත් මාර්තු මාසයේදී සියයට 86ක් ලෙස පැවති ජොන්සන් ඇන්ඩ් ජොන්සන් එන්නතෙ ඵලදායිත්වය මේ වන විට සියයට 13දක්වාත්  පහත බැස ඇතැයි චන්න ජයසුමන මහතා කීවේය.