IMG-LOGO

2025 ඔක්තෝබර් මස 31 වන සිකුරාදා


උතුරේ නිලධරයන්ටත් AI උගන්වයි

(අංජුල මහික වීරරත්න)

රාජ්‍ය නිලධාරීන් අතර කෘත්‍රිම බුද්ධිය (AI) භාවිතය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින්, ජනාධිපති ලේකම් කාර්යාලය, ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය සමඟ එක්ව ක්‍රියාවට නංවා ඇති “AI for Transforming Public Service” පුහුණු වැඩමුළුව  උතුරු පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලයේදී පැවැත්විණි. 

ඩිජිටල්කරණය සහ කෘත්‍රිම බුද්ධිය (AI) භාවිතය තුළින් රාජ්‍ය අංශයේ නව්‍යකරණය සහ ප්‍රතිසංස්කරණය, මහජන සේවා කාර්යක්ෂම කිරීම, නව විදේශ පුහුණු අවස්ථා සදහා යොමු කිරීම, ඩිජිටල් ආර්ථික ප්‍රතිපත්ති සදහා සූදානම් කිරීම, රාජ්‍ය නිලධාරීන්ගේ කෘත්‍රීම බුද්ධිය පිළිබඳ සාක්ෂරතාව වැඩිදියුණු කිරීම, දියුණු ලෝකයට සරිලන නිලධාරියෙකු නිර්මාණය කිරීම මෙම වැඩසටහනේ අරමුණයි.

ඩිජිටල් ආර්ථිකය පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය හාන්ස් විජේසූරිය මහතා මෙම වැඩමුළුවේ ප්‍රධාන දේශනය සිදු කළ අතර, ජනාධිපති ලේකම් කාර්යාලයේ නිලධාරීහු සම්පත් දායකයෝ ලෙස එක් වූහ.

උතුරු පළාත් ආණ්ඩුකාර නාගලිංගම් වේදනායහන්,  උතුරු පළාත් ප්‍රධාන ලේකම් තනුජා මුරුගේසන් යන මහත්ම මහත්මීහුද මෙම අවස්ථාවට එක්ව සිටියහ.



අදහස් (0)

උතුරේ නිලධරයන්ටත් AI උගන්වයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1766 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1451 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 520 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site