IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


උතුරු මැද පළාතේ පාරවල්වලින් කෝටි ගණන් ගරලා

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික  වීරරත්න)

උතුරු මැද පළාතේ රුපියල් කෝටි 293කට වැඩි වටිනා මාර්ග ව්‍යාපෘති 629ක්  ටෙන්ඩර් කැඳවීමකින් තොරව නීති විරෝධී ලෙස එක් කොන්ත්‍රාත්කරුවෙකුට ලබාදී ඇතැයි රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී (කෝපා කමිටුව) තොරතුරු හෙළි විය.

රටේ අහිංසක ගොවි ජනතාවගේ බදු මුදල් මෙලෙස වංචා කිරීම ඛේදවාචකයක් බවත් මෙය මාර්ග සංවර්ධන ඉතිහාසයේ විශාලතම වංචාවක් බවත් කමිටුවේ සභාපති අරවින්ද සෙනරත් මහතා පැවසීය.

උතුරු මැද පළාත් සභාව 2011 වර්ෂයේදී රුපියල් කෝටි එකසිය දාහතකට අධික ඇස්තමේන්තුවක් මත මාර්ග පනස් තුනක් ප්‍රතිසංස්කරණය කර ඇතැයිද  එම කමිටුවේදී තොරතුරු අනාවරණයවී ඇත.

එසේම රුපියල් කෝටියක් පමණ වැය වන මාර්ග කිලෝමීටරයක් සඳහා රුපියල් කෝටි හතර  හමාරක් පමණ  වැය කර ඇතැයි කමිටුව පවසයි.

මේ පමණ මුදලක් වැය කළත් මාර්ග නිසි ප්‍රමිතියෙන් තොරව ඉදිකිරීම හේතුවෙන් එ්වා  කෙටි කලකින් අබලන් වී ඇති බවද තොරතුරු අනාවරණය විය.

මේ අතර දරුවන් පන්සියයට අඩු පාසලකට කෝටි පනස් හතරක් වටිනා  ශ්‍රවණාගාරයක් ඉදිකිරීමට අත්තිකාරම් ලෙස ගෙවූ රුපියල් කෝටි දහයක මුදලක් අපතේ ගොස් ඇතැයිද එම පාසල දැන් වල් බිහි වී ඇතැයිද කමිටුවේදි හෙළිවිය.

මේ තොරතුරු හෙළි වූයේ උතුරු මැද පළාත් සභාවේ 2023 වර්ෂයේ විගණකාධිපති වාර්තාව හා වර්තමාන කාර්ය සාධනය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට රජය ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව එහි සභාපති මන්ත්‍රී අරවින්ද සෙනරත් මහතාගේ ප්‍රධානත්වයෙන් පෙරේදා (18) පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය.

මෙම සාකච්ඡාවට රාජ්‍ය පරිපාලන පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම්, උතුරු මැද පළාත් ප්‍රධාන ලේකම් ඇතුළු ප්‍රධානීහු පිරිසක්ද සහභාගි වූහ.



අදහස් (1)

උතුරු මැද පළාතේ පාරවල්වලින් කෝටි ගණන් ගරලා

කව්ද බෝයි Saturday, 21 June 2025 10:20 AM

අපේ හිටපු පාලකයෝ උතුරට වසන්තය උදාකරපු හැටි. වසන්තය, උතුරුකරේ ජනතාවට, රටට කෙසේවෙතත්, හිටපු පාලකයින්ටයි, ඔවුන්ගේ හෙන්චයියන්ටයි, ඔවුන් දෙගොල්ලෝගේම අසුචි කන එවුන්ටයි උදාවුණු බව සත්‍යයකි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 297 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 96 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 785 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site