IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


උතුරු මැද ආණ්ඩුකාර බිරියට ඉඩම් චෝදනාවක්

(දයාරත්න ඇඹෝගම)

උතුරු මැද පළාත් ආණ්ඩුකාර සිය බලතල නිති විරෝධි ආකාරයට භාවිතා කරමින්  බිරිද නමින් අනුරාධපුර මධ්‍යම නුවරගම් පළාතේ කටුකැලියාව ග්‍රාම නිලධාරි වසමෙන් පර්චස් 20 ක නේවාසික ඉඩමක් හා පර්චස් 60 ක කෘෂි ඉඩමක් ලබා ගැනිමට විරුද්ධව අධිකරණය හමුවට යන බව අපි පුරවැසියෝ සංවිධානයේ කැදවුම්කරු ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා පවසයි.

අනුරාධපුර මධ්‍යම නුවරගම් පළාත් ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ කටුකැලියාව ග්‍රාම නිලධාරි තුලානේ ගල්කඩවල,මහිලා මාවතේ පිහිටි පර්චස් 60 ක කෘෂිකර්ම ඉඩම සහ පර්චස් 20 ක නේවාසික ඉඩම උතුරු මැද පළාත් ආණ්ඩුකාර මහිපාල හේරත් මහතාගේ බිරිද වන අජන්තා රෑපසාරි මහත්මියට දිර්ඝ කාලීන බදුපදනම මත ලබාදිමට මධ්‍යම නුවරගම් පළාත් ප්‍රාදේශීය ලේකම්වරයා  ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා මේ බව පැවසිය.

මේ සම්බන්ධයෙන් අනුරාධපුර,මධ්‍යම නුවරගම් පළාත ප්‍රදේශිය ලේකම් ආර්.එම්.ජි.සේනාරත්න මහතා ගෙන් සිදුකළ විමසුමේදි ප්‍රාදේශිය ලේකම්වරයා මෙසේ පැවසිය.

‘පසුගිය කාලයේ මධ්‍යම නුවරගම් පළාතේ ඉඩම් කච්චේරියක් තිබුණා. එම ඉඩම් කච්චේරියට මගේ මතකයේ විදියට තුන්සියකට අධික පිරිසක් සහභාගි වුණා. මේ කියන ඉඩමටත් කාන්තාවක් බලපත්‍ර ලබාදෙන ලෙස ඉල්ලා ඉඩම් කච්චේරියට ඉල්ලිමක් කොට තිබුණා. පසුව තමයි ඇය ආණ්ඩුකාරවරයාගේ බිරිද බවට හදුනා ගත්තේ’.

‘යම් කිසි පුද්ගලයකු දිර්ඝ කාලයක් තිස්සේ සංවර්ධනය කළ මෙම ඉඩම් කොටස් දෙක නිත්‍යානු කුල නොවන ආකරයට ආණ්ඩුකාර තුමාගේ මහත්මියට විකුනා තිබෙනවා. ඒ සදහා බලපත්‍රයක් ඉල්ලා තමයි ඉඩම් කච්චේරියට ඇවිත් තිබෙන්නේ. කිසියම් පුද්ගලයකු රජයේ ඉඩමක් සංවර්ධනය කරලා තියෙනවා නම් ඉඩම් කච්චේරියට පැමිණ ඒ සදහා බලපත්‍රයක් ඉල්ලා සිටනවා නම් රජයේ එම ඉඩම බදු දෙන්න පුලුවන්.’

‘ආණ්ඩුකාරවරයකුගේ කෙනෙකුට රජයේ ඉඩමක් බදු දෙන්න බැහැ කියලා තියෙනවා නම් එතන පොඩි පටලැවිල්ලක් තියෙන්න පුලුවන්. මම දන්න තරමින් නම් එහෙම නිතියක් නැහැ. බදු ගොණුව හදාගන්නත් ආදාල බදු මුදල් රජයට අයකර ගෙන එම ඉඩම් කොටස් දෙක ආණ්ඩුකාරවරයාගේ බිරිදට දිර්ඝ කාලින බදුපදනම ලබාදෙන්නත් ඉඩම් කච්චේරියෙන් අනුමත කොට තිබෙනවා’. මේ සදහා පළාත් ඉඩම් කොමසාරිස්ගේද අනුමැතිය ලැබි තිබෙනවා යැයිද ප්‍රාදේශිය ලේකම්වරයා මෙහිදි පැවසිය.

 



අදහස් (4)

උතුරු මැද ආණ්ඩුකාර බිරියට ඉඩම් චෝදනාවක්

ලුම්බිණි Saturday, 20 May 2023 09:56 AM

මේ ඔක්කොම හොරු...

:       1       8

ප්‍රදීප් රාජපක්ෂ Saturday, 20 May 2023 01:43 PM

අහිංසක කෙනෙකුට හිසට සෙවනක් හදාගන්න ඉඩම් කැබැල්ලක් ඉල්ලුවොත් ඔහොම දෙනවාද කියලා බලන්න... මේක දේශපාලන බලපෑමක් මත ලබාදීලා කියලා පැහැදිලියි... පුතත් රාජ්‍ය ඇමැතියෙක්නේ... කොහොමද සමූපකාර සේවකයෙක් වෙලා හිටපු කෙනෙකුගේ ලොකුකම...?

:       2       8

ප්‍රසාද් Saturday, 20 May 2023 05:18 PM

මෙම චෝදනාව කරන පුද්ගලයින්ගේ ඉතිහාසය බැලුවොත් මේ ලිපිය ලියන මහත්මයාට ගොඩාක් දේවල් ලියන්න වෙයි. කියන පුද්ගලයා පිළිබඳ පළමුව සොයාබලා ඉන්පසු තොරතුරු ඉදිරිපත් කරන්නේ නම් හොඳයි. මොකද ප්‍රාදේශීය ලේකම් කියන්නේ හැමෝගේම හිත දිනාගත්තු කිසි අල්ලස්, දූෂණ චෝදනා නැති කාටවත් නටවන්න බැරි විශිෂ්ඨ නිලධාරියෙක් බව හැමෝම දන්නවා.

:       1       0

Kumara Saturday, 20 May 2023 10:57 AM

පේව්මන්ට් එකේ වෙළෙන්දෙක් වෙලා ඉඳලා අද බිලියනපතියෙක්...

:       1       6

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 523 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 269 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1067 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site