(අංජුල මහික වීරරත්න)
උතුරේ ආරක්ෂක අංශ මෙතෙක් පරිහරණය කළ දෙමළ ජනතාව සතු පෞද්ගලික ඉඩම් ලෙස හදුනාගත් අක්කර 100ක ඉඩම් ප්‍රමාණයක් එම ජනතාව වෙත පවරා දෙන ලෙස ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී, ජනපති ජ්‍යෙෂ්ඨ ආරක්ෂක උපදේශක සාගල රත්නායක මහතා දිස්ත්‍රික් ලේකම්වරුන්ට උපදෙස් දී ඇත.
උතුරේ දෙමළ ජනතාවගේ ප්‍රධාන ඉල්ලීමක් වූයේ ආරක්ෂක අංශ පරිහරණය කරන ඔවුන්ගේ පෞද්ලික ඉඩම් යළි ඔවුන්ට පවරා දෙන ලෙසය. හදුනාගත් එම ඉඩම්වල පවත්වාගෙන ගිය කඳවුරු වෙනත් ස්ථානවල ස්ථාපිත කොට එම ඉඩම්වල පෙර හිමිකරුවන් වෙත ඒවා පැවරීමට සාගල රත්නායක මහතා උපදෙස් දී තිබේ.
දිස්ත්‍රික් ලේකම්වරුන් හරහා මෙම ඉඩම්වල අයිතිය එම ජනතාව වෙත පැවරීමට නියමිතය. පෙබරවාරි මස 11 දාට කලින් මෙම ඉඩම් ජනතාව වෙත මුදා හරින ලෙස ද සාගල රත්නායක මහතා උපදෙස් දී ඇත.
මෙරට 75 වැනි නිදහසට සමගාමීව මෙම ඉඩම් මුදා හැරෙන අතර දෙමළ ජනතාව අතර සංහිදියාව වර්ධනය කිරීම වෙනුවෙන් තවදුරටත් ඔවුන් සතු ඉඩම් ඇතිනම් ඒවාද නීත්‍යානූකූල තත්ත්වය සොයා බලා පවරාදීමට කටයුතු කරන බව සාගල රත්නායක මහතා ප්‍රකාශ කළේය.
2025 දෙසැම්බර් මස 18
280
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
186
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
994
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
උතුරේ අක්කර 100ක් නිදහස් කරයි
PODDA Saturday, 28 January 2023 08:59 AM
උතුරේ ජනතාවගේ... පාරම්පරික ඉඩම් නම් ඒවා දිය යුතුයි. අපේ හමුදාවට දීම ගැන අගය කළ යුතුයි. දැන් ජාතිවාදී උන්මන්තකයෝ රෙදි ගලවාගෙන නටයි කොටින්ට රට දෙනවා කියලා...
Lalla Saturday, 28 January 2023 11:17 AM
ටික කාලෙකට ඉහත කැලණිවැලි දුම්රිය මාර්ගයට යටව තිබුණු අවිස්සාවේල්ල සිට රත්නපුර දක්වා ඉඩම් අතාවුද සෙනෙවිරත්න ලොක්කා බෙදලා දුන්නා. හරියට පරපුරේ දේවල් වගේ... ඡන්ද පදනම බලාගෙන කල මහජන දේපල කොල්ලකෑම. පලාලි ඉඩම්වලට ඊට වැඩිය ජාතික ආරක්ෂාව හා ගුවන්තොටුපල සම්බන්ධ අවශ්‍යතා තියෙන බව තේරෙනවා. මේ තීරණ හිතුමතේ ගන්න ඒවා....
jagath Saturday, 28 January 2023 12:29 PM
රාජ්‍ය සම්පත් විකුණා ආණ්ඩු හැදීම රනිල් රාජපක්ෂලාගේ ඡන්ද ව්‍යාපාරයේ කොටසක්. රට බල්ලට ගියත් ආණ්ඩු නම් හදයි. රටට ආදරයකි තියෙනවා නම් මේ පාර අනුර කුමාරට විතරයි.
PereraSaturday, 28 January 2023 02:56 PM
පොහොට්ටුවේ ගැත්තෝ රජයේ ආයතනවල අරක් අරන් ඉන්න නිසා අනුර කුමාර ආවට එයාට වැඩක් කරන්න ලැබෙන්නේ නැහැ...
gunda Saturday, 28 January 2023 03:12 PM
මේ මනුස්සයා උතුරේ ඉඩම් බෙදාදෙන්න කියන්නේ හරියට ඉඩම්වල අයිතිකාරයා මොහු කියා හිතාගෙන. අනේ අනිච්චං... රටකට ගිය කලක්..
විජිත් Saturday, 28 January 2023 05:43 PM
මෙයාට පිස්සුද? කොහෙන් පාත්වුණු සමයමක්ද? තමන්ගේ අවසන් ඉරණම තමන්ම ලියාගත්තු කෙනෙක්. වැඩේ ගැස්සුණාම තමුන්ව බේරාගන්න ආදරණිය රනිල් එන්නේ නැහැ...
nihal Saturday, 28 January 2023 11:53 PM
නපුංසකයෝ සූත්තර පුංචා ආයෙත් වැඩ පටන් අරන්
Bamunuarachchi Sunday, 29 January 2023 09:07 AM
2005 දී මේ රනිල් ගොයියා රටේ 2/5ම ප්‍රභාකරන්ට නිදහස් කරන්න ISGA ගිවිසුම හැදුවා අපිට මතකයි. මොවුන් බලයේ මෑණියන්දත් පාවලා දේවි...
BamunuarachchiMonday, 30 January 2023 11:42 AM
මොවුන් බලයේ ඉන්න ඔවුන්ගේ මෑණියන් උනත් පාවලා දෙවි.