IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


උණුසුම දරාගන්න බැරිව 15,000 ක් මියගිහින්

දැඩි උණුසුම දරා ගැනීමට නොහැකිව, මෙම 2022 වසරේ මේ දක්වා යුරෝපා රටවල 15,000 ක් මියගොස් ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

මෙම 15,000 දෙනා මියගොස් ඇත්තේ ජූනි සිට අගෝස්තු දක්වා කාලයේය. මධ්‍යතන යුගයෙන් පසු යුරෝපා රටවල් මුහුණ දුන් දරුණුතම නියං කාලගුණය වාර්තා වූයේ මෙම වසරේ බව ජගත් කාලගුණ විද්‍යාඥයන් පෙන්වා දී ඇත.

ජූනි සිට අගෝස්තු තෙක් කාලයේ අධික උණුසුම දරා ගැනීමට නොහැකිව ස්පාඤ්ඤ වැසියන් 4,500 ක් සහ ජර්මන් වැසියන් 4,000 ක් මියගිය බවට තොරතුරු තමන්ට ලැබී ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දී තිබේ.

ඊට අමතරව, ජූනි සිට අගෝස්තු මාස 3 ක කාලයේ බ්‍රිතාන්‍ය වැසියන් 3,200 ක්, පෘතුගාල වැසියන් 1,000 ක් මියගොස් ඇති බව ද පැවැසෙයි. ජූනි සිහ අගෝස්තු දක්වා කාලය යුරෝපයට ගිම්හාන කාලයයි.

අධික උණුසුම් කාලගුණය සිරුරට ඉතා අහිතකරය. හෘද රෝගී තත්ත්වයන් උත්සන්න කරයි. දියවැඩියා රෝගීන්ට සහ ස්වසන ආබාධ ඇති රෝගීන්ට ද දැඩි උණුසුම දරා ගැනීමට අපහසු බව  යුරෝපා වෛද්‍යවරුන් පෙන්වා දී තිබේ.

යුරෝපා රටවල මේ අයුරින් දැඩි උණුසුම් විපරිත කාලගුණයක් නිර්මාණය වීමට හේතුව මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් සිදුවන ගෝලීය උණුසුම ඉහළ යෑම සහ දේශගුණික විපර්යාස නිසා යැයි පරිසරවේදීහු පෙන්වා දෙති.

මේ වනවිට ‘කොප් 27’ දේශගුණික විපර්යාස පිටුදැකීමේ සමුළුව ඊජිප්තුවේ රතු මුහුද ආශ්‍රිතව පිහිටි ෂාම් එල් ෂෙයික් නිවාඩු නිකේතනයේ දී ආරම්භ වී ඇති අතර, මෙවර සමුළුවේදී ද යුරෝපා රටවල දැඩි උණුසුම් කාලගුණය සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්විණි.

(රොයිටර්)



අදහස් (0)

උණුසුම දරාගන්න බැරිව 15,000 ක් මියගිහින්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 159 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 149 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 957 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site