
(අංජුල මහික වීරරත්න)
ඊශ්‍රායලයේ සේවා ආශ්‍රිත රැකියා ලබා ගැනීම සම්බන්ධයෙන්ද දෙපාර්ශ්වය අතර අවබෝධතා ගිවිසුමක් ඊශ්‍රායලයේදී අත්සන් කර තිබේ.
ශ්‍රී ලංකාව වෙනුවෙන් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති කෝශල වික්‍රමසිංහ සහ ඊශ්‍රායලයේ ජනගහන හා ආගමන අධිකාරියේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් සහ විදේශ සේවක පරිපාලන ප්‍රධානී මොෂේ නකාෂ් (Moshe Nakash) ගිවිසුමට අත්සන් තැබුහ.
ඊශ්‍රායලයේ සංචාරයක නිරතව සිටින විදේශ කටයුතු හා විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතා එරට ජනගහන හා ආගමන අධිකාරියේ (Population and Immigration Authority-PIBA ) බලධාරීන් සමග ඊශ්‍රායල් රැකියා සම්බන්ධයෙන් වන තාක්ෂණික ඇගයිම් හා ප්‍රගති සමාලෝචන ඒකාබද්ධ සම්බන්ධීකරණ කමිටු රැස්වීමක් ද පැවැත්වීය.
ඊශ්‍රායලයේ රැකියා සදහා ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් බඳවා ගැනිමට ගිවිසුම් අත්සන් කිරිමෙන් අනතුරුව පවත්වන ප්‍රථම තාක්ෂණික ඇගයිම් හා ප්‍රගති සමාලෝචන කමිටු රැස්විමද මෙය වේ.
ඒ අනුව දැනට ක්‍රියාත්මක වෙමින් පවතින නිවාස පාදක සාත්තු සේවා, කෘෂිකර්ම. ඉදිකිරීම්, හෝටල් ගෘහපාලනය හා පිරිසිදු කිරීමේ සේවා, නිෂ්පාදන හා අවන්හල් ආශ්‍රිත රැකියාවල පවතින ගැටලු හදුනාගෙන ඒ සම්බන්ධයෙන් හා එම ගැටලුවලට ගතයුතු ඉදිරි ක්‍රියා මාර්ග සම්බන්ධයෙන් ද මෙහිදි සාකච්ඡා කෙරිණි. තවද එම රැකියා සම්බන්ධයෙන් පසුගිය ප්‍රගතිය සමාලෝචනයට ලක් කෙරිණි.
මෙයට අමතරව ඊශ්‍රාලයේ පවතින නව රැකියා අවස්ථා ශ්‍රී ලංකාවට ලබා ගැනීමත් සම්බන්ධයෙන් නියෝජ්‍ය අමාත්‍යවරයා එරට ජනගහන හා ආගමන අධිකාරියේ නිලධාරීන් සමග සාකච්ඡා කර ඇති අතර ඉදිරි වසර කිහිපයේ ශ්‍රී ලංකාවට ඊශ්‍රායල් රැකියා වැඩි වශයෙන් ලබාගැනීම සම්බන්ධයෙන්ද දෙපාර්ශ්වය අතර සාකච්ඡා කෙරිණි.
2025 දෙසැම්බර් මස 18
425
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
237
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1028
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඊශ්‍රායලය එක්ක නව රැකියා ගිවිසුමක්