IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


ඉහළ කඳුවල ඉදිකිරීම් ඉවත් කරන්නේ බලාගෙන

(ෂේන් සෙනෙවිරත්න)

මෙරට කඳුකර ප්‍රදේශවල අඩි 5000 කට ඉහළින් ඇති සියලු ඉදිකිරීම් ඉවත් කිරීමට ගියහොත් එය මෙරට ආර්ථිකයට මෙන්ම සංචාරක ක්ෂේත්‍රයටද බලපාන කරුණක් වනු ඇතැයි පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ භූගර්භ විද්‍යා අංශයේ හිටපු අංශාධිපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අතුල සේනාරත්න මහතා කියයි.

මාධ්‍යයට අදහස් දක්වමින් ඒ මහතා අවධාරණය කර සිටියේ නුවරඑළිය නගරයද එම අඩි 5000 සීමාවට අයත් වන බැවින් මෙන්ම තේ ඇතුළු වෙනත් ආර්ථික භෝගද ව්‍යාපාරද ඉවත් කිරීමට පියවර ගතහොත් එය බරපතළ තත්වයක් වනු ඇති බවයි.

එය ක්‍රියාත්මක කිරීමට වෙනත් විකල්ප ක්‍රමවේදයන් තිබෙන බව පෙන්වා දෙන මහාචාර්යවරයා මෙරට මධ්‍යම කඳුකරයේ අඩි 5000 ට ඉහළ කොටසේ අතහැර දමා ඇති භූමි අවශ්‍ය තරම් තිබෙන බවත් එසේම තේ වගා කොට අතහැර දමා ඇති ඉඩම්ද පළමු ව්‍යාපෘතියක් වශයෙන් වන වගාව සිදුකළ හැකි බව මහාචාර්යවරයා කියයි.

එසේම අඩි 5000 ට ඉහළ කොටසේ ගල්පර පමණක් තිබෙන ප්‍රදේශ තිබෙන බවත් වන වගාවට ප්‍රථම ඒ සඳහා අවශ්‍ය පස් තට්ටු පිළිබඳව අධ්‍යයනය කොට එම වැඩපිළිවල ක්‍රියාත්මක කළ යුතුව තිබෙන බවද මහාචාර්යවරයා පෙන්වා දෙයි.

 



අදහස් (1)

ඉහළ කඳුවල ඉදිකිරීම් ඉවත් කරන්නේ බලාගෙන

Perakum Liyanagama Monday, 22 December 2025 05:19 PM

කිසිදු විද්‍යාත්මක පදනමකින් හා උපදේශයකින් තොරව ගනුලබන තීරණ අති භයානක බවට දේශපාලකයින් අවබෝධ කරගත යුතුයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 340 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 213 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1004 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site