
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
පාසල් 809ක් පසුගිය කාලයේදී ජාතික පාසල් ලෙස නාම මාත්‍රිකව නම් කර ඒවායේ නාමපුවරු සැකසීම වෙනුවෙන් රුපියල් ලක්ෂ 20කට වැඩි මුදලක් නිකරැණේ නාස්ති ඇති බව රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේදී (කෝපා කමිටුව) තොරතුරැ අනාවරණය විය
මේ අතර ශ්‍රී ලංකාවේ අනුමතවූ ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක් නොමැති බවද එහිදී හෙළිවී අැත
හැකි ඉක්මනින් ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක් සකස්කිරීමට කටයුතු කරන ලෙස කමිටුව නිලධාරීන්ට උපදෙස් දුන්නේය.
පසුගිය ආණ්ඩු සමයේ ආරම්භ කළ ජාතික පාසල් ප්‍රමාණය 1000 දක්වා සංවර්ධනය කිරීමේ වැඩසටහන සම්බන්ධයෙන් සහ රාජ්‍ය අමාත්‍යාංශය යටතේ ආරම්භ කළ ව්‍යාපෘති 72 සම්බන්ධයෙන් කෝපා කමිටුව වාර්තාවක් කැඳවීය.
අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය වර්තමානයේ කටයුතු කරන ආකාරය සම්බන්ධයෙන් කෝපා කමිටුව පැසසුම් පිරිනැමීය
මේ පිළිබඳ තොරතුරැ අනාවරණය වූයේ අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ 2023 වර්ෂයේ විගණකාධිපති වාර්තාව හා වර්තමාන කාර්යසාධනය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව (COPA) පාර්ලිමේන්තු මන්ත්‍රී අරවින්ද සෙනරත් මහතාගේ සභාපතිත්වයෙන් පසුගියදා (23) පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය.
ජාතික අධ්‍යාපන කොමිෂන් සභාව විවිධ අවස්ථාවල අධ්‍යාපනය සම්බන්ධයෙන් දුන් විවිධ නිර්දේශවලින් ඇතැම් නිර්දේශ පමණක් ක්‍රියාත්මක වී ඇති බව මෙහිදී නිලධාරීහු පෙන්වා දුන්හ. මේ සම්බන්ධයෙන් කෝපා සභාපතිවරයා පෙන්වා දුන්නේ මෙය අතිශයින්ම කණගාටුවට කාරුණක් බවයි.
2025 නොවැම්බර් මස 04
309
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2128
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1617
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ඉස්කෝල 809ක් නමට ජාතික පාසල් කරලා
රුවන් Friday, 25 July 2025 08:48 PM
809 හැම පාසලකම උසස් පෙළ තියෙනවද? සියලුම විෂයන් තියෙනවාද?
Perakum Liyanagama Friday, 25 July 2025 10:26 PM
මොනවා කරන්නද? දැං ඉතිං ඒ බෝඩ් ලෑලි ටික ගලවලා වෙන වැඩකට ගමු.
nipuna Saturday, 26 July 2025 11:00 AM
ජාතික පාසල් ලෙස නම් කිරීම ලොකුම ලොකු බොරුවක්. අන්තිමට වුනේ දේශපාලනඥයෙන්ගේ නම ජනප්‍රිය වුණ එක විතරයි.