
(ඩී.ජී. සුගතපාල , සුමතිපාල දීයගහගේ)
කරාපිටිය රෝහලේ තැන්පත් කර තිබු ඉරාන නාවිකයින් 84දෙනාගේ මළ සිරුරු ඊයේ රාත්රි 9.28 ට පමණ තුර්කියේ සිට පැමිණි Flyx Aero Zimbabwe ගුවන්යානය මගින් මත්තල ගුවන් තොටුපොලේ සිටි ඉන්දියාවේ කොචින් ගුවන් තොටුපොල වෙත ගෙන යන ලදී. පසුව එහි සිටි ඉරානය බලා ගෙන යාමට නියමිතව තිබිණි.
කරාපිටිය රෝහලේ සිට අවස්ථා දෙකකදි මළ සිරුරු මත්තල ගුවන් තොටුපොල වෙත පොලිස් ආරක්ෂාව යටතේ ගෙන යන ලද අතර ශ්රි ලංකාවේ ඉරාන තානාපති Alireze Delkhosh මහතා සහ එම මහත්මිය ඇතුලු තානාපති කාර්යාලයේ පිරිසක් ද පැමිණ බෆල් යන්ත්රයක් මගින් පටිගත කරණ ලද යාඥාවක් පවත්වන ලදි.
ගාල්ල වරායේ සිටි මුහුදු සැතපුම් 40ක් පමණ දුරදි Iris Dena නැවට එල්ල වු සබ්මැරින් ප්රහාරයකින් පසුගිය 04 වැනි දින අලුයම එම නැව මුහුදු බත් වු අතර එහිසිට මියගිය නාවිකයන් 84 කගේ මළ සිරුරු ශ්රි ලංකා නාවික හමුදාව විසින් ගොඩබිමට ගෙනැවිත් කරාපිටිය රෝහලේ තැන්පත් කරණ ලදි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd