IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


ඉරානයෙන් පාකිස්තානයට මිසයල ප්‍රහාරයක්

පාකිස්තානයට අයත් බලුකිස්තාන ප්‍රාන්තයේ ගම්මානයකට ඉරානය මිසයිල ප්‍රහාරයක් එල්ල කළේය.

ඉරාන විප්ලවීය හමුදාව සහ බුද්ධි අංශය පවසා ඇත්තේ මිසයිල ප්‍රහාරය එල්ල කළේ ඉරානයේ සතුරන් ලෙස සැලකෙන බලුකිස්තානයේ ක්‍රියාත්මක ‘බලුචි’ බෙදුම්වාදී සටන්කාමීන් ඉලක්ක කරගෙන බවය.

මිසයිල ප්‍රහාරයෙන් මියගිය පිරිස අතරේ කුඩා දරුවන් දෙදෙනකු සිටින බවත් තවත් දරුවන් තිදෙනකු තුවාල ලැබූ බවත් විදෙස් මාධය වාර්තා කළේය. මිසයිල ප්‍රහාරයට අමතරව, ඩ්‍රෝන යානා යොදා ගනිමින් ද ප්‍රහාරයක් එල්ල විය.

ඉරානයට, පාකිස්තානය ද මායිම් වෙයි. ‘බලුචි’ බෙදුම්වාදී සටන්කාමීන්, ඉරාන පාකිස්තාන දේශසීමාවේ, ඉරාන සොල්දාදුවන් ඉලක්ක කර ගනිමින් පහර දෙයි. ඉරානය, ‘බලුචි’ බෙදුම්වාදීන් ඉලක්ක කරගනිමින් ප්‍රතිප්‍රහාර එල්ල කළේ එම ප්‍රහාරවලට ප්‍රතිචාර දක්වමිණි.

පාකිස්තාන රජය පවසා ඇත්තේ, ඉරානය එල්ල කළ එම ප්‍රහාරය එරට ස්වෛරීත්වය උල්ලංඝනය කිරීමක් බවය. ප්‍රහාරය සම්බන්ධයෙන් පාකිස්තාන රජය, ඉරාන රජයට සිය අප්‍රසාදය පළ කර ඇත.

ඉරානය එල්ල කළ මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාරයෙන් බලුකිස්තාන සටන්කාමීන් මියගිය බව, බලුකිස්තාන බලධාරීන් කිසිවක් පවසා නැත.

ඉරාන විප්ලවීය හමුදාව, බලුකිස්තාන බෙදුම්වාදීන් ඉලක්ක කර ගනිමින් පහර දුන්නේ, සිරියාවේත් සහ ඉරාකයේත් සතුරු ඉලක්කවලට මිසයිල ප්‍රහාර එල්ල කිරීමෙන් පසුවය.

ඉරාන බුද්ධි අංශ තොරතුරු අනුව, ඉරාන හමුදාව, ඉරාකයේ කුර්දිස්තාන පළාතේ ගොඩනැගිල්ලකට පහර දුන්නේ එම ගොඩනැගිල්ලේ ඊශ්‍රායල මොසාඩ් බුද්ධි අංශ ඒජන්තවරුන්ගේ කඳවුරක් පැවැති බැවිනි. කුර්දිස්තානය යනු කුර්දිවරුන් ජීවත් වන, ඉරාකයට අයත් වෙනම පාලන ප්‍රදේශයකි.

(ඒ.එෆ්.පී.)



අදහස් (0)

ඉරානයෙන් පාකිස්තානයට මිසයල ප්‍රහාරයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 20 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 118 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 922 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site