
(සිතුම් චතුරංග )
නිදහස් දිනය කළු දිනයක් ලෙසට හදුන්වමින් යාපනය විශ්ව විද්‍යාල සිසුන් හා උතුරෙ දේශපාලන නායකයින් අද(04) නිදහස් දිනය දා කිලිනොච්චිය ඉරණමඩු හි පැවැත්වූ විරෝධතාව පොලිසිය විසින් කඳුළු ගෑස් හා ජල ප්‍රහාර එල්ල කර විසුරුවා හරිනු ලැබීය
එහිදී විරෝධතාවයට එක්ව නොසන්සුන්ව හැසිරුණු යාපනය විශ්ව විද්‍යාල සිසුන් පස්දෙනකු අත්අඩංගුවටගත් බවත් පොලිසිය පැවසීය.
උතුරු නැගෙනහිර ජනතාවගේ ගැටළු වෙනුවෙන් ස්ථිර නිදහසක් නොලැබීම, මාධ්‍ය නිදහසට බාධා කිරීම, අදහස් ප්‍රකාශ කිරීමේ නිදහසට බාධා ඇතිවන පනත් සම්මත කර ගැනීම හා වර්තමානයේ ජනතාවට දරා ගැනීමට නොහැකි ගැටළු වෙනුවෙන් විසදුම් නොලැබීම යන කාරණා හේතුවෙන් නිදහස් දිනය සැමරීමට නොහැකි තත්වයක් උදාවි ඇති බව සඳහන් කරමින් යාපනය විශ්ව විද්‍යාල සිසුන් හා දේශපාලන නායකයින් නිදහස් දිනය කළු දිනයක් ලෙස හදුන්වමින් විරෝධතාවයෙහි නිරත වූහ.

2025 දෙසැම්බර් මස 18
155
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
149
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
953
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඉරණමඩු විරෝධතාවට කදුලුගෑස්:සරසවි සිසුන් 5ක් අත්අඩංගුවට
Lakmal Sunday, 04 February 2024 03:33 PM
පොලිසිය දන්නේ අතේ පොලු කෑල්ලක් නැති අයට උඩදාගෙන ගහන්න විතරයි. LTTE කෙනෙක් ඉන්නවා කිව්වා නම් දුවන්න පාර මදි...
සෙනෙවිරත්න Sunday, 04 February 2024 03:48 PM
මම නම් දකින්නේ ඒක කළයුතු විරෝධතාවයක් කියලා, නමුත් දේශපාලඥයන් සම්බන්ධ කර නොගතයුතුව තිබුණා. මොකද ඔවුන් එන්නේ ලකුණු දාගන්න. ජාතිවාදී ස්වරූපයකින් තොරව කරන ඕනෑම විරෝධතාවයකට අපේ සහය...
Bamunuarachchi Monday, 05 February 2024 06:34 AM
නමින් සෙනවිරත්න උනාට රට බෙදන ජෙප්පෙක් වගේ. තමුසේලට තරු පෙනෙන්නේ දෙමළට උතුර දීල හම්බයට නැගෙනහිර දීල උඩරට වතු දෙමළ දීල සිංහල ළමයිඉන්න ඉන්න රටක් නැති උනාම. ඔහෙලා නම් මකබෑවිලා යාවි සිංහල දරුවන්ට ඉන්න රටක් නැතිවේවි.