
(සිතුම් චතුරංග )
නිදහස් දිනය කළු දිනයක් ලෙසට හදුන්වමින් යාපනය විශ්ව විද්‍යාල සිසුන් හා උතුරෙ දේශපාලන නායකයින් අද(04) නිදහස් දිනය දා කිලිනොච්චිය ඉරණමඩු හි පැවැත්වූ විරෝධතාව පොලිසිය විසින් කඳුළු ගෑස් හා ජල ප්‍රහාර එල්ල කර විසුරුවා හරිනු ලැබීය
එහිදී විරෝධතාවයට එක්ව නොසන්සුන්ව හැසිරුණු යාපනය විශ්ව විද්‍යාල සිසුන් පස්දෙනකු අත්අඩංගුවටගත් බවත් පොලිසිය පැවසීය.
උතුරු නැගෙනහිර ජනතාවගේ ගැටළු වෙනුවෙන් ස්ථිර නිදහසක් නොලැබීම, මාධ්‍ය නිදහසට බාධා කිරීම, අදහස් ප්‍රකාශ කිරීමේ නිදහසට බාධා ඇතිවන පනත් සම්මත කර ගැනීම හා වර්තමානයේ ජනතාවට දරා ගැනීමට නොහැකි ගැටළු වෙනුවෙන් විසදුම් නොලැබීම යන කාරණා හේතුවෙන් නිදහස් දිනය සැමරීමට නොහැකි තත්වයක් උදාවි ඇති බව සඳහන් කරමින් යාපනය විශ්ව විද්‍යාල සිසුන් හා දේශපාලන නායකයින් නිදහස් දිනය කළු දිනයක් ලෙස හදුන්වමින් විරෝධතාවයෙහි නිරත වූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොලිසිය දන්නේ අතේ පොලු කෑල්ලක් නැති අයට උඩදාගෙන ගහන්න විතරයි. LTTE කෙනෙක් ඉන්නවා කිව්වා නම් දුවන්න පාර මදි...
මම නම් දකින්නේ ඒක කළයුතු විරෝධතාවයක් කියලා, නමුත් දේශපාලඥයන් සම්බන්ධ කර නොගතයුතුව තිබුණා. මොකද ඔවුන් එන්නේ ලකුණු දාගන්න. ජාතිවාදී ස්වරූපයකින් තොරව කරන ඕනෑම විරෝධතාවයකට අපේ සහය...