
පාකිස්තානයේ හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ට දස වසරක සිරදඬුවමක් නියම කෙරුණි.
හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ට රාජ්‍ය රහස් හෙළි කළැයි චෝදනා එල්ල වී තිබුණු අතර, දස වසරක සිරදඬුවම් නියම වූයේ විශේෂ අධිකරණයක් හමුවේ එම චෝදනා විභාග කෙරුණු අවස්ථාවේදීය.
ඉම්රාන් ඛාන්, මේ වනවිටත් බන්ධනාගාරගතව සිටී. ඒ, තවත් දූෂණ චෝදනා කීපයකට වරදකාරු වීමෙනි.
ඉම්රාන් ඛාන්ට අග්‍රාමාත්‍ය ධුරය අහිමි වූයේ 2022 වසරේ විපක්ෂ දේශපාලන කණ්ඩායම් පාර්ලිමේන්තුවට ගෙනා විශ්වාසභංගයකිනි.
විශ්වාසභංගයෙන් අග්‍රාමාත්‍ය ධුරය අහිමි වූ අවස්ථාවේ, රාජ්‍ය තාන්ත්‍රික ලියවිලි ආපසු බාර නොදීම සම්බන්ධයෙන් ඉම්රාන්ට චෝදනා එල්ල වී තිබුණු අතර, ඔහු වරදකරු වූයේ එම චෝදනාවලටය.
හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මේ වනවිටත් සිටින්නේ බන්ධනාගාරගතවය. ඒ, තවත් දූෂණ චෝදනාවලට වරදකරු වීමෙනි.
ඉම්රාන් ඔහුට එල්ල වී ඇති සියලු චෝදනා ප්‍රතික්ෂේප කරයි. ඉම්රාන් පවසන්නේ, ඔහුට එරෙහිව දේශපාලන කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක බවය.
(එන්.ඩී.ටීවී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පකිස්තානයේ එහෙම උනත් රටම හොරාකාලා විනාශ කරපු බලලෝබි දූෂිත දේසපාලුවෝ තවමත් නිදැල්ලේ .උසාවි තීන්දු වෙන් වැරැදි කාරයෝ වෙළත් අවුලක් නැහැ .
පාකිස්තානයේ එහෙම වුණත් ලංකාවේ එහෙම වෙන්නේ නෑ. ගසාකාපු මැති ඇමැතිලා ලංකාවේ හිරේ යන්නේ නෑ.