පකිස්ථාන හිටපු අගමැති ඉම්රාන් ඛාන් සහ ඔහුගේ බිරිඳ බුෂ්රා බිබී නීති විරෝධී ලෙස රාජ්‍ය ත්‍යාග ළඟ තබා ගැනීම සහ විකිණීම සම්බන්ධයෙන් වරදකරුවන් බවට පත් කිරීමෙන් පසු පකිස්ථාන අධිකරණයක් විසින් වසර 17 ක සිර දඬුවමක් නියම කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
2021 රාජ්‍ය සංචාරයකදී සෞදි අරාබියේ මොහොමඩ් බින් සල්මාන් විසින් බිබීට සුඛෝපභෝගී ආභරණ කට්ටලයක් ලබා දීමෙන් පසු, තෑගි සම්බන්ධයෙන් පකිස්තානයේ නීති කඩ කිරීම සම්බන්ධයෙන් ඔවුන් මෙලෙස වරදකරුවන් බවට පත් වු බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.
මෙම යුවළ දැනටමත් පෙර වැරදි සඳහා සිර දඬුවම් විඳිමින් සිටින අතර, සාපරාධී විශ්වාසය කඩ කිරීම සඳහා වසර 10 ක් සහ සාපරාධී විෂමාචාරය සඳහා වසර හතක් සහ දඩයක් යන නව දඬුවම් ඔවුන්ගේ පෙර දඬුවම්වලට සමගාමීව ක්‍රියාත්මක වන බව වාර්තා වේ.
රාජ්‍ය රහස් හෙළිදරව් කිරීමේ සිට රාජ්‍ය තෑගි විකිණීම දක්වා නඩු 100කට අධික සංඛ්‍යාවකට ඉම්රාන් ඛාන්ට චෝදනා එල්ල වී තිබෙන බවද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කර තිබේ.
අන්තර්ජාලය ඇසුරෙි
හසිනි නවෝද්‍යා
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දේශපාලනයට නොගිහින් ක්‍රිකට් වල සිටියා නම් අද කොතරම් හොදින් ඉන්නවාද?
හිටපු විදිහට ඉන්නේ නැතුව මදැයි කොරගත්තු දේ…!
ඉම්රාන් ඛාන්, අර්ජුන රණතුංග දෙන්නා ගහන ක්‍රිකට් එකක් ගහලා අර මුරලි වගේ නම්බු පිටින් ගෙදරට වෙලා හිටියා නම් කොච්චර නම්බුද? මහින්ද රාජපක්ෂ රාජ්‍ය නායකයෙක් විදියට, සරත් ෆොන්සේකා හමුදාපති වශයෙන්, යුද්ධය දිනලා විශ්‍රාම ගත්තා නම් කොච්චර නම්බුද?
අනීතික වුණත්, පුංචි දේකට වසර 17ක් හිරේ. අපේ එවුන් රංචු ගැහිලා මහජන ධනය, පොදු දේපළ හොරාකපු හැටියට, ආලෝක වර්ෂ ගණන් හිරේ ඉන්න වේවි...!!!