(සිරංගිකා ලොකුකරවිට)
ගාල්ල දිස්ත්‍රික්කයේ ඉමදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ පාසැල් දෙකක සිසුන් තිදෙනකු කොරෝනා ආසාදිතයන් බවට හඳුනාගෙන ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.
මැලියගොඩ ග්‍රාම නිලධාරී වසමේ පදිංචි එකම පවුලේ 05 දෙනකු ආසාදනය වී ඇති අතර එම පවුලේ දරුවන් දෙදෙනෙක් අහංගම නගරයේ පාසලක ඉගෙනුම ලබති. ඔවුන් අතරින් 11 ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවා පාසල් ගොස් නොමැති අතර 6 ශ්‍රේණියේ සිසුවා පාසලට ගොස් ඇති බැවින් පාසල විෂබීජහරණය කිරීමට ප්‍රාදේශීය සභාවට උපදෙස් දී ඇත.
ඒ අනුව අද (20) දහවල් එම පාසල විෂබීජහරණය කිරීමට කටයුතු කළ බව ප්‍රාදේශීය සභාව පවසයි.
මීට අමතරව අහංගම, වැල්හේන්ගොඩ ප්‍රදේශයේ පාසලක සිසුවකු ද කොරෝනා ආසාදිත බව හඳුනාගෙන ඇතත් එම සිසුවා පසුගිය දිනවල පාසලට ගොස් නොමැති නිසා පාසලට බලපෑමක් නැතැයි සෞඛ්‍ය අංශ පවසයි.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
ඉමදුව පාසැල් දෙකක සිසුන් තිදෙනකුට කොරෝනා
දිමුත් Thursday, 21 January 2021 05:54 AM
ආසාධිත බව දැනදැන දරුවන් පාසලට එවූ අයට නීතියෙන් කටයුතු කරන්න.