(අංජුල මහික වීරරත්න)
ඉන්දියානු සාගර වෙරළබඩ රාජ්‍ය සන්ධානය පිහිටුවීම සඳහා වන අවබෝධතා ගිවිසුමට එළඹීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ටුනා ධීවර කර්මාන්තය ඉන්දියානු සාගර කලාපයේ ජාතික ආර්ථිකයන්, ආහාර සුරක්ෂිතතාව, රැකියා උත්පාදනය සහ වෙරළබඩ ප්රජාවන්ගේ සමාජ - ආර්ථික ස්ථායීතාව සඳහා ඉහළ දායකත්වයක් දක්වයි.
එහෙත්, අධික ලෙස මසුන් ඇල්ලීම හේතුවෙන් මත්ස්‍ය ගහණය සහ ආහාර සුරක්ෂිතතාව අඩු වීමේ අවදානමක් මතු වී තිබේ. එබැවින්, ටුනා මත්ස්‍ය සම්පත් කළමනාකරණයේදී සහයෝගිතාව ශක්තිමත් කිරීම උදෙසා බංග්ලාදේශය, ඉන්දුනීසියාව, ඉරානය, මැඩගස්කරය, මැලේසියාව, මාල දිවයින, මොසැම්බික්, පාකිස්ථානය, සෝමාලියාව, දකුණු අප්‍රිකාව සහ ශ්‍රී ලංකාව යන රටවල් අතර අවබෝධතා ගිවිසුමක් හරහා ඉන්දියානු සාගර වෙරළබඩ රාජ්‍ය සන්ධානය පිහිටු වීමට යෝජනා වී ඇත.
ඒ අනුව, සාමාජික රටවල් අතර සහයෝගිතාව වැඩිදියුණු කිරීම, ධීවර ප්රජාවන්ගේ ජීවනෝපාය ඉහළ නැංවීම, ධාරිතාව ගොඩ නැගීම සහ ධීවර සම්පත් තිරසර ලෙස කළමනාකරණය කිරීම අරමුණු කර ගනිමින්, ඉන්දියානු සාගර වෙරළබඩ රාජ්‍ය සන්ධානය පිහිටුවීම සඳහා වන අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීම පිණිස ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd