
( රංජිත් රාජපක්ෂ)
ඉන්ධන අර්බුධය හමුවේ නුවරඑලියේ එළවලු ප්‍රවාහනයට බාධා පැමිණ ඇති බව සමස්ත ලංකා ඒකාබද්ධ විශේෂි ආර්ථික මධ්‍යස්ථාන එකමුතුවේ සභාපති අරුණ ශාන්ත හෙට්ටිආරච්චි මහතා පැවසිය.
අරුණ ශාන්ත හෙට්ටිආරච්චි මහතා අද (24) දින නුවරඑලියේදි මාධ්‍යයට විශේෂ ප්‍රකාශයක් කරමින් ඒ බැව් පැවසිය.
මෙහිදි වැඩිදුරටත් අදහස් දැක් වු අරුණ ශාන්ත හෙට්ටිආරච්චි මහතා මෙසේ කීවේය.
‘වියළි කාලගුණයත් සමග ගොවියන්ට දැඩි ගැටළුවක් මතු වෙලා තියෙනවා, එම නිසා වගාවට ජලය යොදන්න සිදු වෙලා.
ජලය පොම්ප කිරිම සදහා භාවිතා කරන්නේ ඩිසල් මොටාර් , එම නිසා පවතින තත්ත්වයත් සමග ඉන්ධන පිරවුම්හල් වලින් ඩිසල් ලබා ගැනිමේ ගැටළුවක් තියෙනවා , ඉන්ධන ලබා දෙන්නේ නෑ .
ආර්ථික මධ්‍යස්ථාන වලට එළවලු පැමිණියත් , එම එලවළු රැගෙන යන්න වෙලෙන්දන් එන්නේ අඩුවෙන් , මොකද ඒ අයගේ ලොරි රථවලට ඩිසල් නොමැති විම නිසා , ඔහුන් බයයි ඇවිල්ලා ආපසු යද්දි ඩිසල් නැතුව ලොරි රථය නතර වෙයි කියලා.
අපිත් ව්‍යාපාර කරන අය අපිටත් කොළඹට යන්න ඩිසල් හිගයක් තියෙනවා , සුපිරි ඩිසල් තමයි තියෙන්නේ ඒවා අනිත් ඩිසල් වලට වඩා රු 40 පමණ මිලෙන් වැඩියි.
එම නිසා එලවළු ප්‍රවාහනයට වියදම වැඩි , එලවළු රැගෙන යන්න පැමිණෙන වෙලෙන්දන් අඩු වෙලා තියෙනවා.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕකත් ප්‍රශ්නයක්ද? ලක්ෂ 69 කරත්ත බන්දන වෙලාව ඇවිල්ලා... එතකොට ඉන්ධන මොකටද? හෙළකුල සිරිතට වැඩේ කරතැහැකිනේ...
කෝට්ටේ පැත්තේ අලුත් එළවලු කඩ 2-3ක් හැදුණා. ඒවා වැහිලා ගියා එළවළු එන්නේ නැහැ කියලා...
නුඹලා තවත් ඉවසනවාද? දැන්වත් බැහැපල්ලා යකුනේ පාරට මේ කාලකන්නි එලවන්න...!