IMG-LOGO

2025 නොවැම්බර් මස 10 වන සඳුදා


ඉන්දියාවේ පාලමක් කඩා වැටී මිය ගිය ගණන 130 දක්වා ඉහළට

ඉන්දියාවේ ගුජරාඨ ප්‍රාන්තයේ කුඩා එල්ලෙන පාලමක් කඩා වැටීමෙන් මේ වනවිට මිය ගිය ගණන 130 ක් දක්වා වැඩි වී ඇතැයි ඉන්දීය පොලිස් අංශ උපුටා දක්වමින් ටයිම්ස් ඔෆ් ඉන්දියා වෙබ් අඩවිය වාර්තා කරයි. 

මෙලෙස කඩා වැටුණේ මොර්බි නමැති නගරයේ මචූචු නදියට ඉහළින් ඇති මීටර් 230 ක් දිග මගී පාලමය. පාලම කඩා වැටෙද්දී එහි 400 කට වැඩි පිරිසක් සිටි බව ද පැවැසෙයි.

මෙය කඩා වැටී ඇත්තේ ඊට දැරිය නොහැකි තරමට පිරිසක් පාලම මත සිටි නිසා යැයි බලධාරීහු පවසති. වසර සියයක් පමණ පැරණි පාලම සම්පූර්ණයෙන්ම නවීකරණය කර ජනතා අයිතියට පවරා ඇත්තේ පාලම කඩා වැටීමට දින හතරකට පෙර බවද වාර්තාවෙයි.

ගුජරාඨය යනු ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි උපන් ප්‍රාන්තයයි. මෝදි මේ වනවිට තෙදින සංචාරයක් සඳහා ගුජරාඨයට පැමිණ සිටින බව ද පැවැසෙයි.

 



අදහස් (5)

ඉන්දියාවේ පාලමක් කඩා වැටී මිය ගිය ගණන 130 දක්වා ඉහළට

Rohana Sunday, 30 October 2022 11:17 PM

තමන්ගේ නිජබිමේ පාලමක් කඩාවැටීම ගැන මෝදිට ලැජ්ජා හිතෙන්නේ නැද්ද ?

:       4       22

ලුම්බිණි Monday, 31 October 2022 09:14 AM

හරිම කනගාටුදායකයි.

:       0       22

sharm warn Monday, 31 October 2022 10:55 AM

කුඩා පාලමක්ලු... දිග මීටර 230ක්ලු... එහෙනම් අපේ රටේ තියෙන්නේ ඒ දඬුද?

:       0       13

රනේ Monday, 31 October 2022 12:47 PM

නෙළුම් කුළුණ ගැනත් බයයි අනේ...!

:       14       3

ganegoda Monday, 31 October 2022 02:56 PM

ගොඩනැගිලි, පාලම් හදන්න, වියදම් කරන්න දැනගත්තාට මදි... ඒවා නිසි වෙලාවට, නිසියාකාරයට, නඩත්තු කිරීම සහ අලුත්වැඩියාව..‘‘ තමයි වැදගත්...!

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 493 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2234 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1673 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site