
ඉන්දීය හමුදා ආදි පුහුණුලාභීන්ගේ වැඩසටහන ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය සංවිධානයෙන් කොළඹදී පැවැත්විණි.
මෙම වැඩසටහනට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සහභාගි වූ අතර යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ මහතා ඇතුළු ඉන්දීය හමුදා පුහුණු ආයතනයන්හි පුහුණුව ලැබූ දැනට ශ්‍රී ලංකා හමුදා සේවයේ නියුතු ජ්‍යෙෂ්ඨ සහ විශ්‍රාමික නිලධාරීහු රැසක් ද සහභාගී වූහ.
දෙරට හමුදාවන් අතර පවතින සහයෝගීතාවයේ, සහෝදරත්වයේ සහ මිත්‍රත්වයේ දිගුකාලීන බැඳීම් සමරමින් මෙම වැඩසටහන පැවැත්විණි.
මෙම අවස්ථාවට සහභාගි වූ ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බාග්ලේ මහතා පැවසුවේ ඉන්දියාව ‘අසල්වැසියා ප්‍රථමයෙන්’ යන ප්‍රතිපත්තියට අනුකූලව ධාරිතා සංවර්ධනය සඳහා ශ්‍රී ලංකාවට සහය වීමට කැප වී සිටින බවය.
අභියෝගාත්මක කාලයන්හිදි පවා ඉන්දියාව ශ්‍රී ලංකා හමුදාවන්ට පුහුණුවීම් ලබාදුන් බව සිහිපත් කළ මහ කොමසාරිස්වරයා හමුදාවන් අතර පුහුණු වැඩසටහන් සහෝදරත්වයක් සහ සේවාවන් ඉටු කිරීමේදී මනා සුසංයෝගයක් ඇති කර තිබෙන බව ද සඳහන් කළේය.
ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශවික ආරක්ෂක සහයෝගීතාවයේ ශක්තිමත්ම සහ දිගු කාලීනම කුළුණ පුහුණුවීම් වේ. ඉන්දීය ආරක්ෂක හමුදා පුහුණු ආයතන විසින් වාර්ෂිකව ශ්‍රී ලංකාවට පුහුණු අවස්ථාවන් 1500කට ආසන්න ප්‍රමාණයක් පිරිනමන අතර එය ඉන්දියාව විසින් රටකට පිරිනමන විශාලතම වාර්ෂික පුහුණු අවස්ථා ප්‍රමාණය වේ. ඉන්දීය රජයේ විශේෂ ආධාර වැඩසටහන යටතේ මෙම පුහුණුලාභීන්ට සහයෝගය ලබාදෙයි. ඉන්දියාව තුළ ශ්‍රී ලංකා හමුදා සාමාජිකයන්ට ලබා දෙන ගුණාත්මක තත්වයෙන් ඉහළ පුහුණු වීම් මෙහෙයුම් සඳහා එකට එක්වූ ශ්‍රී ලංකා හමුදාවන් ගොඩනැඟීමට බෙහෙවින් ඉහවල් විය.
(යොහාන් භාසුර)



2025 දෙසැම්බර් මස 04
804
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
590
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
467
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ඉන්දියානු හමුදා අභ්‍යාසලාභීන්ගේ සමරු වැඩසටහනෙන්