IMG-LOGO

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා


ඉඩම් ලොක්කන්ට නොතිසි

(මනෝප්‍රිය ගුණසේකර)

ඉඩම් කළමනාකරණය කිරීම සඳහා ජාතික වැඩපිළිවෙළක් සකස් කරන නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා පරිසර යුක්ති කේන්ද්‍රය ගොනු කර ඇති පෙත්සම විභාගයට ගැනීමට තීරණය කළ අභියාචනාධිකරණය ඉඩම් අමාත්‍යවරයා, පරිසර අමාත්‍යවරයා, වන ජීවී අධ්‍යක්ෂ ජනරාල්වරයාට නොවැම්බර් 22 වැනිදා අධිකරණයේ පෙනී සිට කරුණු දක්වන ලෙස නියම කරමින් අද  නොතිසි නිකුත් කළේය.

අභියාචනාධිකරණ විනිසුරුවරුන් වන ධම්මික ගනේපොල සහ ආදිත්‍ය පටබැඳිගේ යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල හමුවේ පෙත්සම සලකා බැලිණි” පරිසර යුක්ති කේන්ද්‍රය ගොනු කර ඇති පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් පරිසර අමාත්‍යවරයා” එහි ලේකම්වරයා” ඉඩම් අමතිවරයා” එහි ලේකම්වරයා” වන සංරක්‍ෂණ අධ්‍යක්‍ෂ ජනරාල්වරයා” මධ්‍යම පරිසර අධිකරිය” ඇතුලු පිරිසක් නම් කර ඇත.

පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතීඥ රවීන්ද්‍රනාන් දාබරේ මහතා කරුණු දක්වමින් මෙරට තුළ ඉඩම් කළමනාකරණය පිළිබඳ ජාතික සැලැස්මක් ක්‍රියාත්මක නොවීම නිසා ගැටලු රාශියක් උද්ගත වී ඇතැයි පැවසීය.

මෙරට තුළ කෘෂිකාර්මික කටයුතු, වනාන්තර, වගුරු බිම්, ජනාවාස යනාදී අංශ සඳහා වෙන් කළ යුතු ඉඩම් මෙන්ම ඒවායේ සීමාවන් නිසි පරිදි හදුනාගෙන ඉඩම් වෙන් කර නොමැති වීම නිසා පාරිසරික මෙන්ම අනෙකුත් අර්බුද රාශියක් මතු වී ඇති බව පෙන්වා දුන් නීතිඥ රවීන්ද්‍රනාන් දාබරේ මහතා එහෙයින් මෙරට ඉඩම් වලින් නිසි ප්‍රයෝජන ගැනීමට නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇතැයිද පෙන්වා දුන්නේය.

 



අදහස් (0)

ඉඩම් ලොක්කන්ට නොතිසි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 82 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 30 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 737 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site