
(රෝෂන් තුෂාර)
එක්සත් ජාතික පක්ෂයේ "සිරිකොත" පක්ෂ මූලස්ථානය ගාස්තු අය නොකර අලුත් වැඩියා කිරීම සඳහා ශ්‍රී ලංකා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ සේවකයින් යොදවා රජයට පාඩු කළේ යැයි අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ එම සංස්ථාවේ හිටපු ක්‍රියාකාරී අධ්යක්ෂ සරච්චන්ද්‍ර ගුණරත්න ජයතිලක සැකකරු ඇප මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංක එස් බෝදරගම මහතා (03) නියෝග කළේය.
රුපියල් ලක්ෂ දහය බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියෝග කළ මහේස්ත්‍රාත්වරයා සැකකරුගේ විදෙස් ගමන් තහනම් කරන බවට ද නියෝග කළේය.
සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අල්ලස් කොමිසම කරුණු දක්වමින් කියා සිටියේ එක්සත් ජාතික පක්ෂ මුලස්ථානය “ සිරිකොත ” ගොඩනැගිල්ල 2019 වසරේදී අලුත්වැඩියා කිරිමට යෙදවීමෙන් රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවට රු. 1,667,294.87 ක පාඩුවක් ද, එක්සත් ජාතික පක්ෂයට අයුතු ලාභයක් ද, සිදු කිරීම සම්බන්ධයෙන් දූෂණ විරෝධී පනත යටතේ මෙම හිටපු නිලධාරියා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරණ බවය.
2019 වසරේ එක්සත් ජාතික පක්ෂයේ සිරිකොත පක්ෂ මූලස්ථානය අලුත් වැඩියා කිරීමේ කටයුතු සඳහා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ සේවකයින් හා දේපල යෙදවීම තුළින් රජයට මෙම පාඩුව සිදු කර ඇති බවද පැවසීය.
රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ විගණන විමසුමකදී හෙළිදරව් වූ තොරතුරු මත 2021 වසරේ මෙම විමර්ශනය ආරම්භ කළ බවත්පැවසීය.
සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ රංග අබේසිංහ මහතා කරුණු දක්වමින් සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන අවසන්ව ඇති බැවින් සිය සේවා දායකයාට ඇප ලබා දෙන ලෙසට ඉල්ලා සිටියේය.
දෙපාර්ශවයේ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා සැකකරුට ඇප නියම කරමින් විමර්ශන ප්‍රගතිය දෙසැම්බර් මස 09 වනදා ඉදිරිපත් කරන ලෙසට අල්ලස් කොමිසමට නියෝග කළේය.
2025 ඔක්තෝබර් මස 08
1920
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1530
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
535
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ්‍රී ලංකා ඉන්ෂුවරන
ඉංජිනේරු සංස්ථාවේ හිටපු අධ්‍යක්ෂට ඇප
යෝගා සහ ගුණරත්න ඩෝබි සමාගම Monday, 03 November 2025 05:56 PM
යස අගේට වැල් පාලමෙන් එගොඩවෙලා තියෙන්නේ?