ඇෆ්ගනිස්ථානයේ බඩක්ශාන් පළාතේ අද(07) උදෑසන ප්‍රබල භූමි කම්පාවක් ඇති වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
එහි අගය රික්ටර් මාපකයේ 5.4 ක් ලෙස සටහන් වී ඇත.ඊසානදිග ඇෆ්ගනිස්ථානයේ, දකුණු සහ මධ්‍යම ටජිකිස්ථානයේ සහ උතුරු පකිස්ථානයේ ඇතැම් ප්‍රදේශවලට භූමිකම්පාවේ බලපෑම දැනී ඇතැයි විදෙස් මාධ්‍ය ප්‍රකාශ කර ඇත.
භූමි කම්පාවෙන් ජීවිත හානි හෝ දේපළ හානි සිදු වූ බවට මෙතෙක් වාර්තා වී නොමැති බව ද පැවැසේ.සිදු වූ හානි සම්බන්ධයෙන් වාර්තාවක් ලබා ගැනීමට පැය කිහිපයක කාලයක් ගතවනු ඇතැයි විදෙස් මාධ්‍ය පවසා තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd