IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


ඇල්ල අනතුරේ බස් රථ හිමිකරුට ඇප

(ප්‍රසාද් රුක්මල්)

ඇල්ල වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ 15 කනුව ප්‍රදේශයේ දී 15කට මරු කැදවා 18 කට තුවාල සිදු කරමින්   අඩි දහසක පමන ප්‍රපාතයකට පෙරලීගොස් සිදුවු බස්‍ අනතුරේ බස්‍ රථ අයිතිකරු ඇල්ල පොලිසිය අත්අඩංගුවට ගෙන බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් අධිකරනයට අද (10) ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ශ 2 ක ශරීර ඇප සහ රුපියල් 50000ක මුදල් ඇප මත මුදා හැරීමට බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් ගැමුණු චන්ද්‍ර්සේකර මහතා නියෝග කළේය.

ඔහුගේ විදේශ ගමන් බලපත්‍රය අධිකරණය බාරයට ගන්නා ලෙසටද මහේස්ත්‍රාත්වරයා නියම කළේය.

මීට අමතරව බස්‍ රථ අයිතිකරුට මෙම පරීක්ෂන කටයුතු සදහා පූර්ණ සහය ලබාදෙන ලෙසටත් කිසිවෙකු ට හෝ බලපෑම් නොකරන ලෙසට මහේස්ත්‍රාත් වරයා  තරයේ අවවාද කර සිටියහ .

අගුනුකොලපැලැස්ස හැඩකැටිය ප්‍රදේශයේ පදිංචි කේ.ඒ.නිරෝශන් (41)  නැමති පෞද්ගලික බස් රථ අයිතිකරුට මෙසේ ඇප නියම විය.

බණ්ඩාරවෙල ජේෂ්ඨ පොලිස් අධිකාරි ඒ.ඒ.ආර් පී අමරසිංහ ,  බණ්ඩාරවෙල සහකාර පොලිස් අධිකාරි 1 උදයකුමාර , ඇල්ල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ටී කේ යූ ඩබ්ලිව් අබේගුණවර්ධන , උපපොලිස් පරීක්ෂක තෙන්නකෝන් , පොලිස් සැරයන් 75637 රත්නායක යන මහත්වරුන් පරීක්ෂන පැවත්වූහ .



අදහස් (1)

ඇල්ල අනතුරේ බස් රථ හිමිකරුට ඇප

Bunny Preena Friday, 12 September 2025 10:10 AM

වන්දනා හෝ විනෝදා චාරිකා යන බස්වල යෝග්‍යතාව තහවුරු කිරීම සඳහා වාහන අයිතිකරුවන් හෝ සමාගම විසින් අදාල බසය හෝ වාහනය සම්බන්ධව ධාවනයට සුදුසු යෝග්‍යතා සහතිකයක් ගමන යාමට සතියකට කලින් රටවහාන නියාමන අංශයක් සහ අදාල පොලිසියේ රථවාහන අංශයේ නියාමනයන් සහ නීතියට යටත්ව ලබාගැනීමත්, රියදුරන්ගේ මානසික සහ ශාරීරික යෝග්‍යතාවය ගැනද පරීක්ෂාවක් කර මාර්ගස්ථ අධිකාරිය සහ රථවාහන පොලිසියේ අධීක්ෂණය යටතේ සම්පූර්ණ වගකීම සහ වගවීම සහිතව තහවුරුවක් හිමිකරු විසින් ලබා දිය යුතුය. විශේෂයෙන් කඳුකර ප්‍රදේශවල චාරිකා යන රියදුරන් අනිවාර්යයෙන් එවැනි ප්‍රදේශවල වාහන පදවා හොඳ අධීක්ෂණ සහිත පාලපුද්දුරු මනා සෞඛ්‍ය සම්පන්න රියදුරන් විය යුතුය.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 785 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 578 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 462 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site