IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


ඇමැති දුම්රිය ලොක්කන්ට මසක් කල් දෙයි

(සුනිල් එස්.තන්ත්‍රිආරච්චි)

කාර්යාල දුම්රිය මගීන්ගෙන් පැමිණිලි එනවා. වැස්සොත් ජනෙල් වහන්න බැහැ. ජනෙල් වැහුවොත් දාඩිය දානවා. ෆෑන් කැඩිලා. වැසිකිලියට යන්න බැහැ. වතුර නැහැ. මේවා හිර ගෙවල් වගේ. මාසයක් ඇතුලත මේවා හදන්න බැරි නම් ගෙදර යන්න. මේ අවසාන අවවාදය " යැයි ප්‍රවාහන ,මහාමාර්ග ,වරාය හා ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා  දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරීන් අමතා කියා සිටියේය .

ඒ මහතා එසේ ප්‍රකාශ කළේ කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්‍යාලයීය ශ්‍රවණාගාරයේ පැවැති කළුතර දිස්ත්‍රික් මහා මාර්ග සහ ප්‍රවාහන කමිටු රැස්වීමට සහභාගි වෙමිනි.

එහිදී තවදුරටත් අදහස් දැක්වූ ඇමතිවරයා මෙසේද කීය .

දුම්රියක ජනේලයක් අතට වැටිලා ජීවිතයේ පළමු දුම්රිය ගමන ගිය ජාඇල ,සීදූව පැත්තේ අවුරුදු 07 ක දරුවෙකුගේ ඇඟිලි දෙකක් තැළුණා. ඒ තාත්තා මගෙන් ඇහුවේ " අපි මේ රටේ ඉපදුනේ මොකටද  කියලා.මම මේවාට ජනතාවගෙන් සමාව ඉල්ලලා සීමාවක් නැහැ .

මේවා කරන්න සල්ලි ඕන තරම් දීලා තියෙනවා. ස්වේච්ඡාවෙන් වැඩ කරන්න මිනිස්සු දෙන්නම් කියල මාර්තුවල ඉඳල කියනවා .මාසයක් ඇතුලත කුමන හෝ වර්ධනයක් පෙන්වන්න.ඒ කරන්න යන්නේ කුමක්ද කියල දින තුනක් ඇතුලත මගේ වට්ස් ඇප් එකට කෙලින්ම පණිවිඩයක් එවන්න ඕන.බැරි නම් අස් වෙලා යන්න.මේවා නොකළොත් මම දුම්රිය මගීන් එක්ක රත්මලානට එවනවා.

තිබුණු ආණ්ඩු කරපු වැරදි තිබෙනවා . නිලධාරීන් බඳවාගෙන නැහැ .සල්ලි දීලා නැහැ .දැන් ඒ සේරම වෙනස් කරගෙන යනවා .දුම්‍ රිය දෙපාර්තමේන්තුව 1% වත් ප්‍රගතියක් පෙන්වලා නැහැ .දුම්‍රිය දෙපාර්තමේන්තුවට ලබාදී තිබූ රුපි‍යල් මිලියන 3700 ක් වෙනත් දෙපාර්තමේන්තුවලට යවන්න සිදු වුණා.



අදහස් (3)

ඇමැති දුම්රිය ලොක්කන්ට මසක් කල් දෙයි

saminda Thursday, 18 September 2025 01:46 PM

අපි දන්න කාලේ ඉදලාම ඔය දෙපාර්තමේන්තුවේ වේලාවකට වැඩ කරන්නේ නැති එයාලාගේ වේලාවට අපි යන්න ඕන කියලා හිතන පිරිසක් ඉන්න තැනක්

:       0       5

ප්‍රියා Thursday, 18 September 2025 01:50 PM

දුකයි .... ඒත් ඇත්තයි.

:       1       8

Hasith Thursday, 18 September 2025 02:31 PM

මේවා වෙනස් කිරීම ලේසි නෑ.. නිකන් ඉදන් පඩි ගන්න පිං බත් ගිලින්නෝ හෙට අනිද්දා වර්ජනය කරන්න පටන් ගනීවි.මේ අවස්ථාවේ දී දුම්රිය මගීන් ඇමැතිතුමා සමඟ සිට ගත යුතුමයි. හොදින් හෝ නරකින් මේ කාලකණ්නි ක්‍රමය වෙනස් කළ යුතුමය. මැත්නම් අපේ දරුවන්ට දරුවන්ගේ දරුවන්ටත් බදු ගෙවමින් පින් බත් ගිලින්නන්ට සැප දෙමින් හූල්ලන්න තමා වෙන්නෙ

:       2       9

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31273 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13465 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10987 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 95 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 928 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 278 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site