ඒකපාර්ශවීය තීරණයක් ගනිමින් එක්සත් ජාතීන්ගේ සංවිධානය ඉරානයට පනවා තිබූ සම්බාධක නැවත පැනවීමට ඇමෙරිකා එක්සත් ජනපදය පියවර ගෙන ඇත.
එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ අනෙකුත් නිත්‍ය සාමාජිකයන්ගෙන් වෙන්වී තනි තීරණයක් ගනිමින් ඉරානයට එරෙහිව මෙලෙස සම්බාධක පැනවීමට ඇමෙරිකාව පියවර ගෙන තිබේ.
කෙසේ නමුත් ඉරානය මෙන්ම ජාත්‍යන්තර ප්‍රජාව ද ඇමෙරිකාවේ එම තීරණයට සිය විරෝධය පළ කර ඇත. එලෙස ඉරානයට එරෙහිව එක්සත් ජාතීන්ගේ සම්බාධක පැනවීමට කිසිදු නීතිමය පදනමක් නැති බව පවසමින් ඇමෙරිකාවේ සමීප මිත්‍ර රටවල් ද අදාළ තීරණයට විරෝධය පළ කර ඇත.
ඇමෙරිකා එක්සත් ජනපදය සහ ඉරානය අතර 2015 වසරේදී අත්සන් තැබුණු ඉරාන න්‍යෂ්ටික ගිවිසුමෙන්’ පසු එක්සත් ජාතීන්ගේ සංවිධානය ඉරානයට පනවා තිබුණු සම්බාධක ලිහිල් කෙරුණි. ලෝක බලවතුන් හයදෙනෙක් එහි පාර්ශවකරුවෝ වූහ.
ඇමෙරිකාවේ හිටපු ජනාධිපති බැරැක් ඔබාමාගේ ධුර කාලයේදී එම ගිවිසුමට අත්සන් තැබිණි.කෙසේ නමුත් ඉරානයට චෝදනා කරමින් මීට වසර දෙකකට පෙර ඉරාන න්‍යෂ්ටික ගිවිසුමෙන් ඇමෙරිකාව ඉවත් කරගැනීමට එරට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පියවර ගත්තේය.
එසේ ලිහිල් කෙරුණු එක්සත් ජාතීන්ගේ සම්බාධක නැවත පනවන බවත් එම ක්‍රියාමාර්ග අනුගමනය නොකරන එක්සත් ජාතීන්ගේ සාමාජික රටවල්වල, ප්‍රතිවිපාක’වලට මුහුණ දීමට සිදුවනු ඇති බවත් ඇමෙරිකා එක්සත් ජනපදයේ රාජ්‍ය ලේකම් මයික් පොම්පෙඕ නිවේදනයක් නිකුත් කරමින් අද (20) සඳහන් කළේය.
ඉරානයට පනවා තිබෙන ආයුධ තහනමට අමතරව ඉරානය සමඟ යුරේනියම්වලින් න්‍යෂ්ටික ඉන්ධන නිෂ්පාදනය හා සම්බන්ධ වීම, බැලැස්ටික් මිසයිල අත්හදා බැලීම සහ සංවර්ධනය සහ මිසයිලවලට සහ න්‍යෂ්ටික ක්ෂේත්‍රයට අදාළ තාක්ෂණ හුවමාරු කරගැනීම යන කටයුතුවලදී ඉරානය සමඟ සම්බන්ධ වී කටයුතු කිරීම එක්සත් ජාතීන්ගේ සාමාජික රටවලට තහනම් වේ.
ඒ.එෆ්.පී.රොයිටර්
(055)
ශ්රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
ඇමෙරිකාවෙන් ඉරානයට සම්බාධක